මඩකලපුව කොක්අඩිචෝලේ පුරා විද්‍යා නාම පුවරු ගැලවූ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW :

ඉකුත් දා, මඩකලපුව කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පුරා විද්‍යා නාම පුවරු ගැලවූ බව කියන පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද (26) දින මඩකලපුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව පොලීසිය පැවසුවේ ය. පොලීසිය සඳහන් කරන ලද්දේ, සැකකරුවන් විසින් කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පුරා විද්‍යා නාම පුවරු දෙකක් ගලවා ඇති බවයි.

තවද, කදිරවේලි ප්‍රදේශයේ පුරා විද්‍යා නාම පුවරු 03ක්,  හා පංකුඩාවේලි ප්‍රදේශයේ එක් පුරා විද්‍යා නාම පුවරුවක් ගැලවීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, කදිරවේලි ප්‍රදේශයේ ගලවා දැමු එක් නාම පුවරුවක් හා පංකුඩාවේලි ප්‍රදේශයේ ගලවා දැමූ නාම පුවරුවක් මේ වනවිට සොයා ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර ඊයේ (25) මඩකපුව කෝරලේපත්තු ප්‍රදේශයේ ගලවා දැමූ පුරා විද්‍යා නාම පුවරු හත යළි සවිකරන්නැයි වාලච්චේන අධිකරණය කෝරලේපත්තු ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු 5 දෙනෙකුට දින නියෝග කරන ලදි. ඒ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදීය.ඊට සම්බන්ධ සැකකරුවන් 4කු ඊයේ (25) අධිකරණයට භාර වූ බවද වාර්තා වේ.

එක් සැකකරුවෙකු ඊට පෙර අත්අඩංගුවට ගැනුණු අතර, පොලීසිය එහිදී අධිකරණයට පැවසුවේ ගලවා තිබූ  පුරාවිද්‍යා නාමපුවරු 7ක් වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ තිබී සිය භාරයට ගත් බව වැඩි දුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...