වීසා නඩුවේදී ඩයනා වරද පිළිගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ඩයනා ගමගේ මහත්මිය වලංගු වීසා බලපත්‍රයකින් තොරව දිවයින තුළ රැඳී සිටීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවකදී සිය වරද පිළිගත් බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් මෙම දැනුම්දීම සිදු කර තිබේ.

අධිකරණය හමුවේ මෙම පිළිගැනීම සිදු කිරීමෙන් අනතුරුව, වැඩිදුර කටයුතු සඳහා නඩුව කෙටි වේලාවකට කල් තැබීමට අධිකරණය කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චම්පියන්ස් ලීග්: පීඑස්ජී සහ රෝමා තරඟය සම වේ…

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: මෙම චැම්පියන්ස් ලීග් පාපන්දු...

රුවන්වැලි සෑ ගැටුම: කස්සප හිමියන් ඇතුළු පිරිසක් ඇප මත මුදා හැරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: අනුරාධපුර රුවන්වැලි මහා සෑ...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නැගීඑන ශූරතාව දිනාගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින්...

රජයේ ආධාර මත ඉදිකරන ලද නව නිවාස රැසක් ජනතා අයිතියට..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: 2026 වර්ෂයේදී රජයේ ආධාර...