අකාලයේ මිලින වූ මල් කැකුළ…

අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර සිහිවිකල්ලෙන් සිටියේ යැයි කියන පුද්ගලයකු විසින් ඊයේ දින (25) සිය සහෝදරියගේ වයස අවුරුදු එකහාමරක් පමණ වන දරුවාව ග්‍රෑන් පාස්හි සමඟිපුර තට්ටු නිවාස සංකීර්ණයේ තෙවැනි මහලේ නිවෙසක ජනේලයෙන් පිටතට විසි කර ඝාතනය කර ඇති බව වාර්තා වේ.

“කවුද ඇවිත් මට කියනවා දරුවව විසි කරපන් විසි කරපන් කියල. ඒ නිසා මම දරුවව විසි කළා“ යැයි සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

නිවසේ නිදාගෙන සිටි මේ දරුවාව ඔහු විසින් ජනේලයෙන් පිටතට විසි කරන අවස්ථාවේදී දරුවාගේ පියා උදෑසන දරුවන්ට ආහාර ගෙන ඒමට තට්ටු නිවාස සංකීර්ණය පාමුල ඇති වෙළෙඳසලකට ගොස් සිට ඇති අතර, මව ද පියා එනතුරු මඟ බලමින් නිවසින් පිටත සිට ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කළේය.

මේ නිවෙසේ පවුල් 03ක් ජීවත් වන බවත් ඝාතනයට ලක්වූ දරුවාට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් සිටින බවත් පොලිසිය සඳහන් කළේය. එම දරුවන් ද සමඟ එම නිවෙසේ ජීවත් වන සංඛ්‍යාව 11කි.

දරුවාව ජනේලයෙන් පිටතට විසි කළ සැකකරු ද ජීවත් වන්නේ එම නිවෙසේය. ඔහු විවාහකයකු වන අතර, බිරිය ඔහුගෙන් වෙන්වී ජීවත් වන බව පොලිසිය කියයි. මේ පුද්ගලයා අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන අයකු බවත්, අයිස් භාවිතා කර මනස විකෘති වීම හේතුවෙන් අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ද ඔහු ප්‍රතිකාර ලබා ඇතැයි විමර්ශනවලින් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙවැනි පුවත් ඇසීමට දැකීමට සිදුවීම පවා මහා ඛේදජනකය. පසුගිය දා අයිස් මත්ද්‍රව්‍ය අලෙවිය සඳහා මරණ දඬුවම පැමිණවීම පවා සිදුවූයේ මෙවැනි කණගාටුදායක පුවත් යළි සිදු නොවන්නටය.

හයක් හතරක් නොතේරෙන අහිංසක ජීවිත කීයක් නම් මේ රුදුරු මත් රකුසාට බිලිවෙන්නට ඇත්ද…

විශේෂයෙන්ම කිවයුත්තේ මෙපමණකි. කුමක් හෝ හේතුවක් මත තම නිවසේ හෝ අසල්වැසියන් අතර මතට ඇබ්බැහිවූවන් සිටී නම්, කුඩා දරුවන් සිටින දෙමාපියන් තම දරුවන් පිළිබඳ අසීමිත සැලකිලිමත් විය යුතුය. මන්ද ඇසිපිය ගසන මොහොතෙත් විශාල ඛේදවාචකයට ඉඩ ඇති බැවිනි. සියල්ල සිදු වූ පසු හඬා දොඩා කම්පා වී පළක් නැත.

රෂිකා හෙන්නායක
2022.11.26

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...