*
Saturday, May 10, 2025
spot_img

Latest Posts

ගාසා සටන් විරාමයේදී සෑම දිනකම සිරකරුවන් නිදහස් කෙරේ – ජෝ බයිඩන්

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකා එක්සත් ජනපදය හා කටාරය මැදිහත්ව හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර ක්‍රියාත්මක වන දින හතරක සටන් විරාමය තුළ ඊශ්‍රායල සිරගෙවල්වල සිරකර සිටින දහස් ගණනක් සිරකරුවන් අතරරින් පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150ක් වෙනුවට ගාසා තීරයේ රඳවා සිටින කාන්තාවන් සහ ළමුන් 50 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, එළඹෙන සඳුදා(27) දක්වා සෑම දිනකම සිරකරුවන් නිදහස් කරනු ඇති බවයි.

ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,200කට මරු කැඳවමින් ඔක්තෝබර් 7 ක්‍රියාත්මක වූ හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් මේ වන විට පලස්තීනුවන් 15,083ක් පමණ මිය ගොස් ඇති අතර, ඔවුන්ගෙන් බහුතරයක් කාන්තාවන්(4,000) සහ ළමුන්ය(6,150).

පසුගිය සිකුරාදා(24) මුල්වරට හමාස් විසින් ඊශ්‍රායල ජාතිකයින් 13 දෙනෙකු නිදහස් කිරීමට හිලව් වශයෙන් වාඩිලාගත් බටහිර ඉවුරේ පලස්තීනුවන් 39 දෙනෙකු නිදහස් කරන ලදී. ඊශ්‍රායලය සහ හමාස් යන දෙදෙනාම ඔවුන් දිගටම සටන් කරන බවට පොරොන්දු වී ඇත, නමුත් ඊශ්‍රායලය සංඥා කර ඇත්තේ තවත් වහලුන් දිනකට 10 බැගින් නිදහස් කළහොත් සටන් විරාමය දීර්ඝ කිරීමට විවෘත බවයි.

සටන් විරාමයේ කොටසක් ලෙස මානුෂීය ආධාර සහිත ට්‍රක් රථ 200 ක් පමණ මේ වන විට ගාසා තිරයට පැමිණ ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබුණේ, සටන් විරාමය ආරම්භ වන්නට පෙර ඊශ්‍රායලය උතුරට හා දකුණට සිය ප්‍රහාර සැලකිය යුතු ලෙස වේගවත් කළ බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan