පොලීසිය හා යුද හමුදාවේ මෙහෙයුමෙන් සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිටීම, අපරාධ වැඩි වීම සහ මත්ද්‍රව්‍ය යන කාරණා හේතුවෙන් මෙම මෙහෙයුමක් වැල්ලම්පිටිය, සිංහපුර ප්‍රදේශයේ දී ක්‍රියාත්මක කර ඇති අතර, පොලීසිය හා යුද හමුදාව එක් ව සිදු කළ මෙම මෙහෙයුමෙන් සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

මෙම මෙහෙයුමට, පොලිස් නිලධාරින් 138 දෙනෙකු සහ යුද හමුදා නිලධාරින් 200 දෙනෙකු සම්බන්ධ වී ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී ලලිස් අබේසේකර යන නිලධාරීන් ගේ උපදෙස් මත මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත්, මෙම මෙහෙයුම යටතේ, ගෙවල් 61ක් සහ පුද්ගලයන් 196 ක් පරීක්ෂා කර ඇති බව සඳහන්ය.

එහි දී හෙරොයින්, අයිස්, නීති විරෝධී මත්ද්‍රව්‍ය, කඩු, මන්න, තහනම් පිහි සහ ජංගම දුරකථන 12ක් වැනි භාණ්ඩ රාශියක් සොයාගෙන ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...