Kristalina Georgievaගෙන් මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ඇගයීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ (LNW):

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva ඇගයීමක්‍ සිදු කර තිබෙන අතර, ලංකාවේ ආර්ථික හා සාමාජීය ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොවෙනස්වන සහායකයෙක් ලෙස මෙරටට හා මෙරට ජනතාවට උපකාර කරන බව ඇය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිඒවා පවසන්නේ ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව බලාපොරොත්තු සහගත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.එමඟින් ණය තිරසරබව ඇතිකර ගැනීම, සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීම මෙන්ම, ආර්ථිකය වඩාත් හොඳින් පාලනය සහ එහි විනිවිද බව ඇතිකරගැනීමට සැලසුම්කරන බවයි.

2024 වසරේ මාර්තු 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කළ අතර’ වසර 4ක් සඳහා එම වැඩසටහන ක්‍රියාත්මක අතර, එමෙන්ම මෙරට බලධාරීන් සාකච්ඡාවලින් අනතුරුව බැඳුම්කරහිමියන් සමග ඇතිකරගත් එකඟතාවය ද මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිඒවා මහත්මියගේ පැසසුමට ලක්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...