රාජ්‍ය සේවකයෝ අරගල කරන්න ඕනෙ නෑ, අපි සමස්ත ජනතාවම සුඛිත මුදිත කරන සිහිනයක ඉන්නේ – සුරවීර

රජය රැස්කරන සියලුම ආදායම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප්, දීමනා හෝ අතිකාල දීමනා ලෙස ගෙවිය නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානාන්ද සුරවීර මහතා පවසයි.

“රටක් ගොඩනගනවා කියන කාරණාව ජාතික ජන බලවේගයට බලය දුන් පමණින්ම ඉටුවෙන එකක් නෙවෙයි, ඒක රටක් විදියට රටේ පුරවැසියන්ගේ වගකීම. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයාගෙ වගකීමත්. අපේ රටේ ආර්ථිකයට සාපේක්ෂව තමයි අපි යම් යම් දේවල් කළයුතු වෙන්නේ. රටක් හැටියට අපි රැස්කරගන්න සියලුම ආදායම් වැටුප්, දීමනා හෝ අතිකාල ලෙස ගෙවන්න බෑ. එහෙම රටක් ඉස්සරහට යන්නෙ නෑ. රාජ්‍ය සේවකයා අපේ රටේ සංවර්ධනය ඉලක්ක කරගෙන වැඩ කළයුතුයි. රාජ්‍ය සේවකයෝ අරගල කරන්න ඕනෙ නෑ, කළුපටි බඳින්න ඕනෙ නෑ. අපි රාජ්‍ය සේවකයා ඇතුළු සමස්ත රටේ ජනතාවම සුඛිත මුදිත රාජ්‍යයක් කරා අරගෙන යන සිහිනයක තමයි ඉන්නේ”

දේවානන්ද සුරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (26) කොළඹ දී පැවති ‘අයවැය සහ වැඩකරන ජනතාව’ – වෘත්තීය සමිති නියෝජිත හමුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ආසියානු අවසන් මහා තරගයට: ඉන්දියාව ඉවතට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: දෝහා හි 'West End...

ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අමතක කර දැමූ මුස්ලිම් සංහාරය…

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: වසර 36ක දීර්ඝ කාලයක්...

දශක හතක් පුරා වේදිකාව හැඩ කළ ‘මනමේ’ට වසර 70යි!

සටහන: සශිකලා මධුෂාණී ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ අභිමානවත් සන්ධිස්ථානයක්...