නෑ, නෑ, කිව්වාට ඇමතිවරු 10 දෙනෙක් නිල නිවාස අරන් – චමින්ද විජේසිරි හෙළිකරයි

වත්මන් රජයේ අමාත්‍යවරුන් නිල නිවාස ලබානොගන්නා බවක් එදා පැවසූ නමුත් මේ වනවිට අමාත්‍යවරුන් දස දෙනෙකු අමාත්‍යාංශවල නිල නිවාසවල පදිංචි වී සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

“නිල නිවාස එපායි කිව්වා. නිල නිවාස ගත්ත ඇමතිවරුන්ගේ ලේඛනය මම ඇහුවා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නෙකදී. මේකෙ ඉන්නවා ධීවර හා ජලජ සම්පත් ඇමතිතුමා නිල නිවාසෙක. රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන ඇමතිතුමා, එයාත් ඉන්නවා අමාත්‍යාංශයේ නිල නිවාසෙක. කෝ ඒ කියපු සම්ප්‍රදාය ? කෝ ඒ කියපු පරිවර්තනය ? ඔයාලා නිල නිවාස ගන්නෙ නෑ කිව්වා. අමාත්‍යාංශ නිල නිවාස එපායි කිව්වා. 10 දෙනෙක් ඉන්නවා අමාත්‍යාංශ නිල නිවාසවල. මන්ත්‍රීවරුත් ඔක්කොම ඉන්නෙ මාදිවෙල නිල නිවාසවල. ඒ කියපු පරිවර්තනය ඉෂ්ට නොකර මේ කියන පරිවර්තනත් ජනතාවට කියපු බොරුවක් විතරයි. රටේ ජනතාව බත් කරන්නෙ මහත්තයෝ, ඒක හොඳට මතක තියාගන්න”

චමින්ද විජේසිරි මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය සේවකයෝ අරගල කරන්න ඕනෙ නෑ, අපි සමස්ත ජනතාවම සුඛිත මුදිත කරන සිහිනයක ඉන්නේ – සුරවීර

රජය රැස්කරන සියලුම ආදායම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප්, දීමනා හෝ...

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ආසියානු අවසන් මහා තරගයට: ඉන්දියාව ඉවතට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: දෝහා හි 'West End...

ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අමතක කර දැමූ මුස්ලිම් සංහාරය…

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: වසර 36ක දීර්ඝ කාලයක්...