කොළඹ LNW:”ආණ්ඩුව ඉලක්කම් නම් කියනවා. හැබැයි ඉතින් ගරු සභාපතිතුමිය ප්රශ්නය ප්‍රායෝගිකව මේ කියන මුදල් බිම ආයෝජනය වෙනවද නැද්ද කියන ප්රශ්නය තමයි තියෙන්නේ. මොකද ඔබතුමාලා හැම අයවැයකදීම නොම්බර කියනවා. හැබැයි ඉතින් යථාර්ථය තමයි මේ මුදල් ගමේ ආයෝජනය වෙනවද? ග්‍රාමීය සංවර්ධනයට මේ මුදල් ටික ආයෝජනය වෙනවද? ධීවර කර්මාන්තය සඳහා මේ මුදල් ආයෝජනය වෙනවද නැද්ද කියන කාරණය තමයි ප්‍රශ්න කරන්න තියෙන්නේ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව වූ රජයේ මැදිහත්වීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලදී.
”බොහොම ස්තූතියි ගරු සභාපතිතුමිය. ඉතින් අපි දකිනවා මේ ඉලක්කම් නම් කියනවා. හැබැයි ඉතින් ගරු සභාපතිතුමිය ප්රශ්නය ප්‍රායෝගිකව මේ කියන මුදල් බිම ආයෝජනය වෙනවද නැද්ද කියන ප්රශ්නය තමයි තියෙන්නේ. මොකද ඔබතුමාලා හැම අයවැයකදීම නොම්බර කියනවා. හැබැයි ඉතින් යථාර්ථය තමයි මේ මුදල් ගමේ ආයෝජනය වෙනවද? ග්‍රාමීය සංවර්ධනයට මේ මුදල් ටික ආයෝජනය වෙනවද? ධීවර කර්මාන්තය සඳහා මේ මුදල් ආයෝජනය වෙනවද නැද්ද කියන කාරණය තමයි ප්‍රශ්න කරන්න තියෙන්නේ.
මම දැක්කා එක අමාත්‍යවරයෙක් කියනවා මේ විපක්ෂය වෙන් කරන මුදල් වලට චෝදනා කරනවාලු. නැහැ විපක්ෂයේ කවුරුත් මුදල් වෙන් කරාට බනින්නේ නැහැ. හැබැයි ඒ වෙන් කරන මුදල් බිම වැඩක් වෙන්නේ නැත්නම් අවුරුද්දේ අන්තිම වෙනකොට මාස හය හතක් යනකොට මුදල් කාරක සභාවට අපේ හර්ෂ ඩි සිල්වා මන්ත්‍රීතුමා ඉන්න මුදල් කාරක සභාවට එන ලියවිල්ලේ තියෙන්නේ 7% නම්, 8% නම්, 10% නම් ඒක ප්‍රශ්න කරනවා.
බිමල් රත්නායක අමාත්‍යවරයා කිව්වා මේ මේ 2022 තමයි මේ මෑත කාලයේ වැඩියෙන්ම ප්‍රාග්ධන වියදම් 88ක් ආයෝජනය කරලා තියෙන්නේ. එතුමා හිටපු ජනාධිපතිවරයාගේ නමත් කිව්වොත් හොඳයි. මොකද 2022 කියන්නේ අභියෝගාත්මක අවුරුද්දක්. හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් එළවගෙන ඒ ඔක්කොමත් කරලා අවසානයේ අභියෝගාත්මක අවුරුද්දක ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ගමන් අරගල වලටත් මුහුණ දෙන ගමන් ප්‍රාග්ධන වියදම් වලින් 88ක් වැඩ කරලා. 2020ත් 88. 2020 ත් 88 වල වැඩ කරලා තියෙනවා. 2020ත්.
ඉතින් මේ ඔබ තමුන්නාන්සේලාට වැඩ කරගන්න බැරි එකට අනිත් මිනිස්සු පලි නැහැ. දැන් ඇවිල්ලා මෙතන කෙඳිරි ගානවා. අරක නැහැ කියනවා, මෙහේ යුද්ධ කියනවා. ඉතින් ඔබතුමාලා මෙහේ ගෙවල් ගිනි තියලා යුද්ධ කරද්දී 88ක් ප්‍රාග්ධන වියදම් වියදම් කරා ජනතාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ.
මේ ඔබ තමුන්නාන්සේලාගේ ඇමතිවරයෙක් කියන්නේ මම නෙමෙයි. ඒකයි සතුටු මට. හැබැයි අවසානයේ ඒක තේරුම් ගත්ත එක ලොකු දෙයක්. සභා නායකවරයා කියන්නේ ගරු සභාපතිතුමිය. දැන් ග්‍රාමීය සංවර්ධනයට බිලියන 35ක් පහුගිය අවුරුද්දේ වෙන් කරලා තියෙනවා 2026ට. ගරු සභාපතිතුමිය බිලියනයයි වියදම් කරලා තියෙන්නේ. බිලියනයයි. පහුගිය මාස 14ට මුදල් කාරක සභාවට දීපු වාර්තාවේ. බිලියනයයි. 3%යි. ඔබ තමුන්නාන්සේලා මේ රටේ ජනතාවට ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කරන්න, ගමේ මනුස්සයාගේ පාර, බෝක්කුව හදන්න, ස්වයං රැකියාවට ව්‍යවසායකත්වයට ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ වෙන් කරපු බිලියන 35න් බිලියනයයි වියදම් කරලා තියෙන්නේ. මාස හතකට. දැන් අදට දිත්වා කුණාටු ඇවිල්ලා අවුරුද්දක් වෙනවා. ආ පහුගිය කාලේ බිලියන 500ක් වෙන් කරගත්තා. 260ක් එහෙමම ඉතුරුයි. තවම පවුල් දහස් ගානක් තාවකාලික නිවාස වල. කඩන් ගිපු පාරවල්, බෝක්කු, පාලම් හදාගන්න බැරි වෙලා තියෙනවා. අවුරුද්දක් ගිහිල්ලා ගරු සභාපතිතුමිය. ඉතින් ඔබ තමුන් වහන්සේලා නිකන් මේ මේ මෙතන ඇවිල්ලා ඉලක්කම් පෙන්නලා සතුටු කරගන්න ඒ ඔයාලගේ දේශපාලන න්‍යාය පත්‍රය ඇතුලේ ඉලක්කම් පෙන්නලා සතුටු කරගන්න පුළුවන්. දැන් ග්‍රාමීය සංවර්ධනයක් රටේ නැත්නම් ජාතික ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ.”


