*
Friday, April 26, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/27

1. බලහත්කාරයෙන් අවතැන්කළ මියන්මාර් ජාතිකයන්, රෝහින්ග්‍යා වැසියන්, තම මුතුන්මිත්තන්ට අයත් මියන්මාරයේ රඛින් ප්‍රාන්තයේ ස්වදේශික භූමි වෙත යළි පිටත් කර හැරීමට සහාය ලබා දෙන ලෙස බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක්හ් හසිනා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි – බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය මෙම ඉල්ලීම සිදුකරනු ලැබුවේ ඉකුත් දින විදේශ අමාත්‍ය අලි සබ්‍රි ඈ සමඟ පැවති සංවාදයේදී ය.

2. ඉදිකිරීමේ ක්ෂේත්‍රයට ඉදිරි වසර දෙක තුළ කිසිඳු වැඩක් කිරීමට සිදු නොවනු ඇති බවට රජය විසින් සිදුකළ ප්‍රකාශය ඉදිකරන්නන්ගේ ආයතනයේ (Institute of Builders) සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න හෙළා දකියි – එම ප්‍රකාශය සෝචනීය තත්ත්වයක් බව පවසයි – මෙම තත්ත්වය රජයේ රසායනික පොහොර තහනම නිසා සිදුවූ හානියට සමාන බව පෙන්වා දෙයි – මේ වන විටත් පුද්ගලයන් ලක්ෂ 06 කට අධික සංඛ්‍යාවකට රැකියා අහිමිව ඇති බව ද අනාවරණය කරයි – රු. 70,000 කට ආසන්න වැටුපක් ලැබූ මෙම පුද්ගලයන්, ඉදිරිකාලය තුළ මසකට ලැබෙන රු. 5,000 කින් ජීවත්වනු ඇති බවට රජය විශ්වාස කිරීම විසිලුසහගත බව ද අවධාරණය කරයි.

3. කැරට් 22 ඉක්මවූ ස්වර්ණාභරණ, ආනයන අපනයන පාලකගේ අනුමැතියකින් තොරව රැගෙන යාමට සංචාරකයන්ට ඉඩ නොදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි – මෙම තීරණය තුළින් ජාවාරම් නතරවනු ඇති බව ද පවසයි – ජාවාරම්කරුවන් විසින් අනීතික අන්දමින් දිනකට අවම කි.ග්‍රෑ 50 ක වත් රත්‍රන් රැගෙන යන බවත්, මෙය මසකට ඇ.ඩො. 30 විදේශ විනිමය හිඟයකට හේතු වී ඇති බව ද අනාවරණය කරයි.

4. 2021 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 231,982 දෙනෙකු අ.පො.ස. උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාක කොමසාරිස් ජනරාල්වරයා පවසයි – ඔවුන් අතුරින් 10,863 දෙනෙකු සියලු විෂයයන්වලට A සාමාර්ත ලබා ඇති බව ද පවසයි – අයදුම්කරුවන් 498 දෙනෙකුගේ ප්‍රතිඵල තාවකාලිකව අත්හිටුවා ඇති බව ද පවසයි.

5. 2022 ජනවාරි 18 වන දින ගෙවූ ඇ.ඩො. මිලියන 500 ක ස්වෛරී බැඳුම්කර, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලද සහ අයවැයගත කළ 2022 වර්ෂයට අදාළ ණය පියවීමක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් පවසයි – මෙවැනි ගෙවීම් තමා වැනි පුද්ගලයකුට නීත්‍යානුකූලව නතර කළ නොහැකි බව ද අවධාරණය කරයි – එවකට ණය පැහැර හැරිය යුතු බවට යෝජනා කළ පාර්ශවයන් ණය පැහැර හැරීමෙන් පසු රට මුහුණ දී ඇති බරපතල අර්බුදයේ වගකීම භාරගන්නේ දැයි ප්‍රශ්න කර සිටියි!

6. තම පවුල්වලට දිනකට වේල් දෙකක් වත් පිරිමසා ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන්, ලබන වසර ආරම්භය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් දරුවන් සංඛ්‍යාවෙන් සියයට 30 කට අධික පිරිසක් (මිලියන 1.4 දෙනෙකු පමණ) පාසල් යෑම නතර කරනු ඇති බවට විශ්ලේෂක කුසල් පෙරේරා පුරෝකථනය කරයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට ශ්‍රී ලංකාව දණනමා සිටීම මත මෙම තත්ත්වය ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි.

7. සුපිරි වෙළඳසැල්වලට මත්පැන් බලපත්‍ර ලබාදීම මත රජය නියෝජනය කරන දේශපාලන පක්ෂ දෙකක් විසින් අතිවිශාල මුදලක් උපයා ගැනීමට සමත්ව ඇති බව සමඟි ජන බලවේගයේ පා.ම. බුද්ධික පතිරණ චෝදනා කරයි – මෙම ජාවාරම සිදුකර තිබෙන්නේ මුදල් අමාත්‍යංශයේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් බව ද චෝදනා කරයි.

8. ආර්ථික අර්බුදයෙන් පිටතට පැමිණීමට මඟක් මෙවර අයවැයෙන් සපයා දී නැති බව දෙමළ ජාතික සන්ධානයේ පා.ම. සුමන්දිරන් පවසයි – අයවැයෙන් ආරක්ෂාව සඳහා වැඩි මුදලක් වෙන්කර තිබීම පිළිබඳ සිය අවධානය යොමුකරයි – තම පක්ෂය, අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ, දිගුකලක් තිස්සේ පැණනැඟී ඇති ජාතික අර්බුදයට විසඳුම් ලබා දීමට තමා සූදානම් බවට ජනාධිපතිවරයා විසින් ලබා දී තිබූ ඉඟිය නිසා බව ද පවසයි.

9. ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් තම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගට දෝශාරෝපණයක්! – නායක දසුන් ශානකගේ ක්‍රීඩකයන් විසින් ආසියානු කුසලානය දිනාගත් බව සිහිපත් කරයි – ක්‍රීඩා අමාත්‍යවරයාට තම ඉල්ලා අස්වීම අවශ්‍ය නම් වලංගු හේතුවක් මත එය ඉදිරිපත් කළ යුතු බව ද පවසයි.

10. 2022 අප්‍රේල් 01 සිට නොවැම්බර් 25 දක්වා දින 239ක් තුළ රජයේ ණය රු. බිලියන 3,900 කින් වත් ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි – මෙම කාලය තුළ රටේ සමස්ත ණය, රු. බිලියන 21,700 සිට රු. බිලියන 25,600 දක්වා ඉහළ ගොස් ඇති බව ද පෙන්වා දෙයි – මෙය දිනකට රු. බිලියන 16.3 ක් තරම් වූ අතිවිශාල අගයක ඉහළ යාමකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan