ලොකු ළූණු මිලට සහනයක් ….

Date:

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු (SCL) අනුපාතය අඩු කිරීමට ආහාර ප්‍රතිපත්ති කමිටුව පසුගිය 24 දා රැස් වූ අවස්ථාවේදී නිර්දේශ කර ඇති අතර ඒ අනුව වෙළඳපොලේ ලොකු ලූණු මිල දී ගැනීමේ හැකියාව වැඩි වීම, ලොකු ලූණු මිල අඩු කිරීමට පිටිවහලක් වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ලොකු ලූණු සඳහා ජාතික අවශ්‍යතාවය වසරකට මෙට්‍ර්ක් ටොන් 300,000 ක් පමණ වන අතර එම අවශ්‍යතාවය ප්‍රධාන වශයෙන් සපුරාලනු ලබන්නේ ආනයන (86%) මගිනි. ඒ අනුව, ලොකු ලූණුවල ස්වයංපූරිත අනුපාතය වාර්ෂික අවශ්‍යතාවයෙන් 14% කි. නොවැම්බර් මස තුන්වන සතිය වන විට ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක සිල්ලර මිල රු. 290 – 390 අතරත්, දේශීය ලොකු ලූණු කිලෝග්‍රැමයක මිල රු.340 – රු.400 අතරත් විචලනය විය. නොවැම්බර් මස තුන්වන සතිය තුළ ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක සාමාන්‍ය මි.ර.ගැ.මිල (CIF අගය) රු. 95.30ක් වූ අතර, 2022 අගෝස්තු මැද සිට එකී මිල ගණන්වල සාපේක්ෂ සාමාන්‍ය වැඩිවීමක් පමණක් පෙන්නුම් කර ඇත.

2022 වර්ෂයේ සැප්තැම්බර් මස 22 වැනි දින සිට රජය විසින් ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා අදාළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) රු. 10/- සිට රු. 50/- දක්වා වැඩි කරන ලදී. ඉන් අනතුරුව, ලොකු ලූණු ආනයනය විශාල ලෙස පහත වැටෙන්නට විය. අගෝස්තු මාසය තුළ මෙට්‍ර්ක් ටොන් 27,889 ක් වූ ලොකු ලූණු ආනයන ප්‍රමාණය නොවැම්බර් මස (තෙවන සතිය වන විට) මෙට්‍ර්ක් ටොන් 13,496 දක්වා පහත වැටුණි. මෙම පහත වැටීමේ ප්‍රතිඵලයක් ලෙස, අගෝස්තු මාසය තුළ කිලෝග්‍රෑමයක් රු. 175ක් පමණ වූ ආනයනික ලොකු ළූණු මිල නොවැම්බර් මස තෙවන සතිය වන විට රු. 328 දක්වා ඉහළ යාමට හේතු විය. එසේ වුවද, නොවැම්බර් 22 වැනි දින සිට ලොක ලූණු කිලෝග්‍රෑමයක මිල රු. 250 දක්වා තියුණු පහත වැටීමක් පෙන්වා ඇති නමුත්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුපාතය (SCL) වැඩිවීම තෙක් වූ කාලපරිච්ඡේදයට සාපේක්ෂව මිල තවමත් ඉහළ මට්ටමක පවතී.

අගෝස්තු මාසයේ සිට ආනයනික ලොකු ලූණුවල මි.ර.ගැ. මිල (CIF අගය) ඉහළ ගොස් ඇත්තේ සුළු වශයෙන් පමණක් වන අතර , මෙම හදිසි මිල ඉහළ යාමට හේතුව විය හැක්කේ සැප්තැම්බර් මාසයේදී සිදුවූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු (SCL) අනුපාතයේ වැඩි වීමයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරණ සෙල්ලම් අවසන්. ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කරන්න රජයෙන් තීරණ රැසක්!

කොළඹ LNW:ඉහළ යන බිහිසුණු අනතුරු වැළැක්වීම සඳහා රජය් විසින්...

සජබ මන්ත්‍රී ප්‍රසාද් මාලිමා මන්ත්‍රීනී ලක්මාලිගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල තමන් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද...

ජනාධිපති ට්‍රම්ප්ගේ ඉහලම විශ්වාසවන්තයකු වූ කොන්සර්වේටිව් ක්‍රියාකාරික චාලි කර්ක් වෙඩිතබා ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කොන්සර්වේටිව් පක්ෂ...

කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරියෙක් CID අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල පාතාල කල්ලි නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ...