“හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව”අද සිට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ (LNW):

“හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව” අද  සිට ලබන 30 දා දක්වා කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

රටවල් දහයක වෛද්‍ය සහ සෞඛ්‍ය කණ්ඩායම් මෙම සමුළුව සඳහා සහභාගී වන වාර්තා වේ.

මෙම සමුළුව සංවිධානය කර තිබෙන්නේ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු වළක්වා ගැනීමේ ලේකම් කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්වයි.

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා සඳහන් කළේ, මෙවර සමුළුවට රටවල් 10 ක අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍ය හා සෞඛ්‍ය කණ්ඩායම් සහභාගී වන බවයි.සමුළුව සාර්ථක කර ගැනීමට අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි.

මෙම සමුළුවේ එක් අරමුණක් වන්නේ, අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් ලෝකයේ තිබෙන නව ප්‍රවණතාවන්, දැනුම සහ තාක්ෂණය පිළිබඳව ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතර අදහස් හුවමාරු කර ගැනීම වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...