අස්වැසුමෙන් පණිවුඩයක්!

0
1483

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ (LNW):

රට තුළ පවතින වර්ෂාධික කාලගුණ තත්ත්වය හේතුවෙන්, අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම් කිරීමට දුන් සහන කාලය යළි දීර්ඝ කර තිබේ.

ඒ සඳහා දී තිබූ කාලය, දෙසැම්බර් 2න් අවසන් වීමට නියමිත වුවත්, දෙසැම්බර් 9 වැනි දා දක්වා අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීමට අයැදුම් කළ හැකි බව දැනුම් දේ.

කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් අස්වැසුම වැඩසටහනට ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන ජනතාවට සහනයක් සැලසීම වෙනුවෙන් අදාළ කාලසීමාව දීර්ඝ කර ඇති බව සඳහන් වේ.