දෙසැම්බර් මස පාර්ලිමේන්තුව රැස්වන්නේ මෙහෙමයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ (LNW):

ලබන 03 වනදා සිට 06 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය ලබන 03 සහ 04 යන දිනවල පැවැත්වීමටයි.

දෙසැම්බර් 05 වනදා අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර, කතානායක ආචාර්ය අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පසුගියදා පැවත්වුණි.

ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව ලබන 03 වනදා ඉදිරිපත් කිරීමට එහිදී තීරණය කෙරුණු අතර, එදින පෙරුවරු 09.30 සිට 05.30 දක්වා ඒ පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇත.

දෙසැම්බර් 04 වනදා පෙරවරු 09.30 සිට පස්වරු 05 දක්වා තවදුරටත් විවාදය පවත්වා ඡන්දය විමසීම  පැවැත්වීමට ද පක්ෂ නායක එකඟතාව පල වූ අතර, අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා පිළිබඳ විවාදය දෙසැම්බර් 05 සහ 06 යන දෙදින පෙරවරු 09.30 සිට පස්වරු 05.30  දක්වා පැවැත්වීමටත් තීරණය කර තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...