කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ 69ක් වාර්තා වී ඇති අතර තවත් 34ක් අතුරුදහන් වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවුල් 61,175කට අයත් පුද්ගලයින් 21,9282ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පීඩාවට පත්වූ පවුල් 5,890කට අයත් පුද්ගලයින් 18,443 දෙනෙකු තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථාන 266ක් වෙත යොමු කර ඇති බව සඳහන්.
මේ වනවිටත් විපතට පත්වූවන් වෙත සහන සැලසීම මෙන්ම අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු මෙන්ම ගං වතුරට මැදිව සියින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මක කර තිබේ.
