නවක සාහිත්‍ය මුහුණු රැසක් සම්මානයෙන් පිදුම් ළබයි! (PHOTOS)

කොළඹ LNW:‘උල්පතෙන් අලුත් ගඟක්’ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (27) පස්වරුවේ නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

මෙම සාහිත්‍ය සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ලේඛක ලේඛිකාවන්ගේ කෘති ඇගයීම අරමුණු කරගනිමිනි.

කැටපත නිර්මාණ හා විචාර කේන්ද්‍රය විසින් මෙය සංවිධානය කරනු ලැබීය.

ලේඛක ලේඛිකාවන් විසින් රචිත හෝ පරිවර්තිත පළමු කෘති (මෙම සම්මානයට ඉදිරිපත් කරන විෂයට අදාළ නොවන පොතක් පෙර පළ කර තිබීම ගැටලුවක් නැත) සඳහා සම්මාන පිරිනැමීම මෙහි දී සිදු කෙරුණු අතර සම්මාන සඳහා කාව්‍ය, කෙටිකතා, නවකතා, යොවුන් සාහිත්‍ය, ළමා සාහිත්‍ය, පරිවර්තන සහ පර්යේෂණ යන අංශවලින් කෘති තෝරා ගෙන තිබුණි.

ඒ අනුව එහි ප්‍රශස්තම ළමා සාහිත්‍ය කෘතිය ලෙස නිරංජලා හේමමාලි වෙඩික්කාර විසින් රචිත සදීපා ප්‍රකාශනයක් වූ ”හචොං” සම්මානයට පාත්‍ර විය.

ප්‍රශස්තම යොවුන් සාහිත්‍ය කෘතිය ලෙස තේරී පත්වහ තිබුණේ නිරංජලා සරෝජනී ගේ ”අපටත් කම්පියුටරයක්” කෘතියයි. එය සරසවි ප්‍රකාශනයකි.

”සඳස් කැඩපත” කෘතිය ප්‍රශස්තම පර්යේෂණ කෘතිය ලෙස සම්මානයට පාත්‍ර විය. කීඹියේ අනුරුද්ධසිරි හිමි විසින් රචිත එම කෘතිය විදර්ශන ප්‍රකාශනයකි.

ප්‍රශස්තම පරිවර්තන කෘතිය ලෙස තේරී පත්ව තිබුණේ මනික් කුරුප්පුගේ ”හුදකලාවේ බයිබලය” වන අතර එය නයින් ප්‍රකාශනයකි.

ප්‍රශස්තම කාව්‍ය සංග්‍රහය

වයින් කළ විට ඇ නටන්නී

රුවනි සිසිජා- ඔපියුම බුක්ස්

ප්‍රශස්තම කෙටිකතා සංග්‍රහය

අපි වගේ අය

කියාරා මංදුලී මෙන්ඩිස් – විදර්ශන ප්‍රකාශකයෝ

ප්‍රශස්තම නවකතාව

මණිපද්ම

අසංක රුවන් සාගර – කෙහෙළි ප්‍රකාශකයෝ යන කෘති සම්මානයට පාත්‍ර වූ අතර ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන මාර්ටින් වික්‍රමසිංහ සාහිත්‍යාභිනන්දන ගෞරව සම්මානය ප්‍රවිණ සාහිත්‍යවේදි සේනාරත්න වීරසිංහ මහතාට හිමි විය.

⁣සම්මාන උළෙළේ සම්මාන ප්‍රදානය ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, ශ්‍රි ලංකා කලා මණ්ලයේ සභාපති සාහිත්‍යවේදි කීර්ති වැලිසර, කිවියර නන්දන වීරසිංහ, ප්‍රවීණ පරිවර්තක ගාමිණී වියන්ගොඩ, ප්‍රවිණ හඩ කැවිම් ශිල්පි අතුල රන්සිරි ලාල් යන මහත්වරුන් සහභාගී විය.

ජායාරූප - අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සබඳතා පුළුල් කිරීම කෙරෙහි අවධානය…

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි...

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩ කඩිනම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: කොළඹ වරායේ නැගෙනහිර බහාලුම්...