සටහන – පුලී
නොවැම්බර් 28, LNW (කොළඹ): බොලිවුඩයේ ආකර්ෂණීය තිර යුගලයක් වන Shah Rukh Khan සහ Kareena Kapoor වසර 15කට පසු යළිත් එකම ගීතයකින් රසිකයන් අතරට පැමිණ තිබේ. ඔවුන්ගේ සුප්රසිද්ධ ‘Chammak Challo’ ගීතයෙන් රසික හදවත් දිනාගත් එම අපූරු තිර රසායනය යළිත් මතු කරමින්, ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘King’ චිත්රපටයේ ‘Daddy Cool’ නමැති නව නර්තන ගීතය මේ වන විට කාගේත් අවධානය දිනාගෙන තිබේ.

ගීතයේ ආරම්භයත් සමඟම disco සංගීතයෙන් පිරුණු පසුබිමකට Shah Rukh Khan පැමිණෙන අතර, ඉන් අනතුරුව Kareena Kapoor සමඟ එක්ව නර්තන තලය මත ඔවුන්ගේ අපූරු රංගන හා නර්තන හැකියාවන් ප්රදර්ශනය කරයි. වේගවත් සංගීත රිද්මයට මුසු වූ ඔවුන්ගේ නර්තන විලාසය, විනෝදයෙන් පිරුණු රංගනය සහ ආකර්ෂණීය තිර රසායනය ගීතයට තවත් ජීවයක් එක් කර තිබේ.
මෙහිදී Shah Rukh Khan ලුණු-මිරිස් මිශ්ර වූ (Salt-and-pepper) හිසකෙස් විලාසය සහ ආකර්ෂණීය ශරීර හැඩය සමඟින් අපූරු පෙනුමකින් රසිකයන් අතරට පැමිණෙන අතර, Kareena Kapoor රතු පැහැති අලංකාර ඇඳුමකින් සැරසී ගීතයේ අවධානය දිනාගන්නා චරිතයක් බවට පත්ව සිටී. දෙදෙනාගේ නර්තන ඉදිරිපත් කිරීම තුළින් වසර ගණනාවකට පෙර රසිකයන් අතර ජනප්රිය වූ ‘Chammak Challo’ යුගයේ මතකයන් යළිත් අවදි කරයි.
‘Daddy Cool’ ගීතය 1976 වසරේ Boney M සංගීත කණ්ඩායම විසින් ජනප්රිය කළ එම නමින්ම යුතු disco ගීතයේ බොලිවුඩ් අනුවාදයක් ලෙස නිර්මාණය කර තිබේ. Sachin-Jigar විසින් සංගීතය නිර්මාණය කර ඇති මෙම ගීතයට Kumaar විසින් හින්දි පද රචනය සිදු කර ඇති අතර, Arijit Singh සහ Shilpa Rao ගීතයට සිය හඬ එක් කර තිබේ. එමෙන්ම ගීතයේ නර්තන නිර්මාණය Vaibhavi Merchant විසින් සිදු කර තිබීමද විශේෂත්වයකි.
ගීතය Instagram හරහා රසිකයන් සමඟ බෙදාගත් Shah Rukh Khan, “Back with Bebo… song Old School… but still Cool!” යනුවෙන් සඳහන් කරමින් ‘Daddy Cool (King Version)’ ගීතය දැන් නිකුත් වී ඇති බව දැනුම් දී තිබේ. එමෙන්ම ‘King’ චිත්රපටය 2026 දෙසැම්බර් 24 වැනිදා සිනමාහල් වෙත පැමිණීමට නියමිත බවද ඔහු සිය සටහනෙන් සඳහන් කර ඇත.
වසර 15කට පසු Shah Rukh Khan සහ Kareena Kapoor යළිත් නර්තන ගීතයකින් එකට එක්වීමත්, පැරණි disco සංගීතයේ රසය නව බොලිවුඩ් හැඩයකින් රසිකයන් වෙත ගෙන ඒමත් සමඟ ‘Daddy Cool’ මේ වන විට ‘King’ චිත්රපටයේ වඩාත් කතාබහට ලක්වන අංගයක් බවට පත්ව තිබේ.

