රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW:
ඇහැලියගොඩ, පරකඩුව, අංගුරුපාලම ප්රදේශයේදී පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු තුවාල ලබා තිබේ.
සැකකරුවන් රැගත් වෑන් රථයක් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ලුහුබැඳ ගොස් අංගුරුපාලම අසලදී නතර කරගත් බව පොලිසිය පවසයි.
එම අවස්ථාවේදී සැකකරුවන්ගෙන් එක් අයෙකු එම ස්ථානයෙන් පලා ගිය අතර, අනෙක් සැකකරු පොලිසිය සමඟ ගැටුමක නිරත විය.
පොලිසිය පවසන පරිදි, මෙම ගැටුම අතරතුර සැකකරු නිලධාරියා සතුව තිබූ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කිරීමත් සමඟ නිලධාරියා වෙඩි තබා ඇත.
වෙඩි වැදීමෙන් උරහිස ප්රදේශයේ තුවාල ලැබූ 25 හැවිරිදි එම සැකකරු ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.


