බේස්බෝල් විනිශ්චය ඉගෙනගන්න ලුක්ෂාන් සහ ඉෂාර තායිලන්තයට

Date:

ආසියානු බේස්බෝල් සංගමයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක තෙදින බේස්බෝල් විනිසුරු පාඨමාලාවක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලුක්ෂාන් තංගරාජ් සහ ඉෂාර චතුරංග සහභාගි වෙමින් සිටියි.තායිලන්තයේ බැංකොක් නුවර පැවත්වෙන තෙදින වැඩ මුළුවක් වන මේ සදහා රටවල් එකොළහකින් පිරිස සහභාගි වන අතර පුහුණු වැඩ සටහන ඇරඹුණේ නොවැම්බර් 26 වන දා ය.එය නොවැම්බර් 29 වන දා නිමා වීමට නියමිතය.

මෙහිදි ආසියානු බෙස්බෝල් සම්මේලනයේ විනිසුරු කමිටුවේ අධ්‍යක්ෂ කොයාමා කෂුහිටෝගේ අධික්ෂණය යටතේ පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ද ලාංකිකයෙක් වීම සුවිශේෂී කොට දැක්විය හැකිය.ඔහු ආසියානු සම්මේලනයේ විනිසුරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සේ සැළකෙන සුජීව විජයනායක යි.මේ සමඟ වන ඡායාරූපයේ වමේ සිට ඉෂාර, සුජීව සහ ලුක්ෂාන් දැක්වෙයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැටී නැගිටින නුවරට වැටී නැගිටින පාඩමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: මේ මොහොත තවමත් වැටුණු...

මෙරට මාර්ග පද්ධතිය පිළිබද ඔබ දැනුවත්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ජනාතාවට ...

‘Zootopia 2’ බොක්ස් ඔෆිස් හි අංක 1 ස්ථානය ලබා ගනිමින් ලොව පුරා ඩොලර් බිලියන 1 ක ආදායමක් උපයයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෝල්ට්...