*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/28

1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු තම ගැලවුම්කාරයා යැයි ශ්‍රී ලංකා ජනතාව නොසිතිය යුතු බව ග්‍රීසියේ හිටපු මුදල් අමාත්‍ය යානිස් වරෞෆකිස් පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ශ්‍රී ලංකාව විනාශ මුඛයට ඇදදැමිය හැකි ස්ථානයක් බවට අනතුරු අඟවයි – තිත්ත බෙහෙත් සහ විෂ රසායනයක් අතර වෙනසක් තිබෙන බවත්, විෂ රසායනයකින් රෝගියකු මරණයට පත්කළ හැකි බවත් සිහිපත් කරයි – ඒ අනුව ආර්ථික අර්බුදය විසඳීමට තිත්ත බෙහෙතක් යැයි සිතා විෂ අපද්‍රව්‍ය පානය කිරීමෙන් වැළකී සිටින ලෙස ද ඉල්ලා සිටියි!

2. අලි-මිනිස් ගැටුම නිසා 2016 – 2020 කාලය තුළ පුද්ගලයන් 989 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, වල් අලීන් සහ දළ සහිත ඇතුන් 3,649 ක් මරණයට පත්ව ඇති බවත් ජාතික විගණන ලේකම්වරයා පවසයි.

3. ඇතැම් සිසුන් නිලකාලය ඉක්මවා රැඳී සිටීම මත විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල මතුව ඇති තදබදය අවම කිරීමට නුදුරේදී ම නීති බලාත්මක කිරීමට කටයුතු කරනු ඇති බවට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසයි – නවක සිසු කණ්ඩායම්වලට නේවාසික පහසුකම් ලබා දීම මෙහි අරමුණ බව ද පවසයි.

4. ජනගහනයෙන් සියයට 28 ක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දී ඇති බවත්, දරිද්‍රතාවය මෙම වර්ෂය තුළ දෙගුණ වී ඇති බවත් එක්සත් ජාතීන් පවසයි – ආහාර මිල උද්ධමනය සියයට 85 ඉක්මවා ඇති බවත්, විදේශ විනිමයේ බරපතල හිඟතා තවමත් පවතින බවත් පෙන්වා දෙයි – මීට ඉහත, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහතිකකර සිටියේ, විදේශ විනිමය ණය නොගෙවා සිටියහොත් සියලු ආනයන සඳහා විදේශ විනිමය සොයාගත හැකිවනු ඇති බවයි.

5. ශ්‍රී ලංකාව නිදහසෙන් පසු මුහුණ දුන් විශාලතම පාවාදීම, රට බංකොලොත්බවට ඉකුත් 2022 අප්‍රේල් 12 වන දින සිදුකළ නිවේදනය බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් පවසයි – රට බංකොලොත්බව නිවේදනය කිරීම සංවිධානාත්මක කණ්ඩායමක සැලසුමකට අනුව ක්‍රියාත්මක කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ද චෝදනා කරයි.

6. ජනපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියානු රෝ (RAW) ඔත්තු සංවිධානයේ ප්‍රධානී සමන්ත් කුමාර් ගොයල් අතර හමුවක් – දෙපාර්ශවය අතර පුළුල් සාකච්ඡා! – ජනපතිගේ ජ්‍යෙෂ්ඨ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන අය ද මෙම සාකච්ඡාවලට සම්බන්ධ වී ඇත.

7. ලබන වසරේ මුලවන විට ගෝලීය සහ දේශීය වෙළඳපල තුළට තේ වයින් (Tea Wine) හඳුන්වා දීමට තේ පර්යේෂණ ආයතනය කටයුතු කරන බව එම ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සමන් හෙට්ටිආරච්චි පවසයි –  මෙම නිශ්පාදනය එළිදැක්වීමට ප්‍රථම තේ පර්යේෂණ ආයතනය විසින් මීට අදාළව වසර 04 කට අධික කාලයක් පුරා පර්යේෂණ සිදුකළ බව ද පවසයි.

8. බාහිර ණයහිමියන් සමඟ පැවැත්වීමට නියමිත තුන්වන සාකච්ඡාවටය තවම සැලසුම්කර නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි – ණය ප්‍රතිව්‍යූහගතකිරීම අතින් ප්‍රමාදයක් ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමැතිය ලබා ගැනීමේ ප්‍රමාදයක් ඇති බව ද පවසයි.

9. ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරගැනීමේදී එක්තරා ආගමික කණ්ඩායමකට අයත් ක්‍රීඩකයන් පමණක් බඳවා ගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනාවට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුතුව පත්කරන ලද කමිටුවේ වාර්තාව තමා අතට පත්වූ විට, එම ගැටළුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.  

10. වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟයට බාධා – තරඟය නවතා දමයි – නවතා දැමෙන විට ඇෆ්ගනිස්ථානය සියලු දෙනා දැවී ලකුණු 228; ශ්‍රී ලංකාව පන්දුවාර 2.4 කදී 10/0.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan