‘අපට ස්ථිර සටන් විරාමයක් අවශ්‍යයි’ ගාසා තීරයේ පලස්තීනුවන්

Date:

සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සටන් විරාමය එළඹෙන(30) වෙනිදා දක්වා දීර්ඝ කරන්නේ නම් තවත් කාන්තාවන් සහ ළමුන් 20 දෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය කැපවී සිටියි.

මේ වන විට ක්‍රියාත්මක වන හාමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර පවතින සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට සාකච්ජා වෙමින් පවතින බව වාර්තා වේ.

ඇමරිකා එක්සත් ජනපදය හා කටාරය මැදිහත්ව ඊශ්‍රායලය සහ හමාස් අතර සටන් විරාමය ඇරඹු අතර මේ වන විට සටන් විරාමයේ ප්‍රතිපලයක් වශයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 39 දෙනෙකු නිදහස් කර ඇති අතර පලස්තීනුවන් 117 දෙනෙකු ඊශ්‍රායල සිරකඳවුරුවලින් නිදහස් කර ඇති අතර සටන් විරාමය එළඹෙන(30) වෙනිදා දක්වා දීර්ඝ කරන්නේ නම් තවත් කාන්තාවන් සහ ළමුන් 20 දෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය කැපවී සිටින බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි සඳහන් කර තිබුණේ,

මේ සම්බන්ධයෙන් ජෝර්දාන විදේශ අමාත්‍ය අයිමන් සෆාඩි සටන් විරාමය ස්ථිර සටන් විරාමයක් බවට පත් කිරීමට ශක්තියෙන් හා හදිසියෙන් වැඩ කරන ලෙස ලෝක නායකයින්ගෙන් ඉල්ලා තිබේ.

ආධාර සංවිධාන විසින් බෙදා හරින ලද ආහාර, ඉන්ධන සහ ඖෂධ සමඟ සඳුදා තවත් මානුෂීය සැපයුම් ලොරි ප්‍රමාණයක් ගාසා තීරයට ඇතුළුව ඇති අතර පලස්තීන වැසියන් දිගින් දිගටම ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් මැදිහත්වන ලෙසත්, ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා තිබේ.

ගතවූ ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරය හේතුවෙන් 1,200ක් මියගොස් 240 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ මියගිය සංඛ්‍යාව 14,500 ඉක්මවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...