ඇමරිකාවේ නිෂේධ බලය නිසා ගාසා තීරයේ සටන් විරාමය ඇරඹීමේ ක්‍රියාවලිය අඩාල වුණා – චීනය කියයි

Date:

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නය සම්බන්ධයෙන් පසුගියදා සාකච්ඡාවක් පවත්වා තිබුණි.

එහිදී එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා අදහස් ප්‍රකාශ කළා.

ඇමරිකාව සිය නිෂේධ බලය යොදා ගෙන ගාසා තීරයේ කඩිනම් සටන් විරාමය ඇරඹීමේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාවලිය අඩාල කළ බවයි ඔහු එහිදී පැවසුවේ. ඉන්පසුව ගාසා තීරයේ තවත් සිවිල් වැසියන් සියයකට වඩා වැඩි ගණනක් මිය ගිය බවත්, දිනෙන් දින තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බවත් Fu Cong මහතා එහිදී පෙන්වා දුන්නා.

ආධාර ද්‍රව්‍ය ප්‍රවේශයට ඇති සියලු සීමාවන් ඊශ්‍රායලය වහාම ඉවත් කළ යුතු බවත්, පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය ඉලක්ක කරගත් පනත් කෙටුම්පත් ඉවත් කළ යුතු බවත් චීන නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

මැදපෙරදිග තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බවත්,ලෙබනනය,සිරියාව,ඉරානය සහ අනෙකුත් රටවලට එරෙහි ආක්‍රමණ සහ ප්‍රකෝප කිරීමේ හැසිරීම් ඊශ්‍රායලය වහාම නතර කළ යුතු බවත් Fu Cong මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළ බවයි වාර්තා වුණේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ ඩකා...

ආණ්ඩුවේ කුඩු ඇල්ලිල්ල සංදර්ශනයක්. මුන් 159ක් හිටියාට නීති හදන්නෙ නෑ. හුඟක් අය දැන් මගේ සිංදු අහන්නෙත් නෑ – සංගීත්

වත්මන් ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය වැටළීම් හුදු සංදර්ශනයක් පමණක් බවත් ඒවායි...

ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත්...

හැකි පළමු අවස්ථාවේදීම අපි මේ ආණ්ඩුව පෙරළනවා – නාමල් රාජපක්ෂ අභියෝග කරයි

තමන් මේ ජනබලය, ජනමතය ගොඩනඟන්නේ හැකි පළමු අවස්ථාවේදීම ආණ්ඩුව...