ඇමරිකාවේ නිෂේධ බලය නිසා ගාසා තීරයේ සටන් විරාමය ඇරඹීමේ ක්‍රියාවලිය අඩාල වුණා – චීනය කියයි

Date:

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නය සම්බන්ධයෙන් පසුගියදා සාකච්ඡාවක් පවත්වා තිබුණි.

එහිදී එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා අදහස් ප්‍රකාශ කළා.

ඇමරිකාව සිය නිෂේධ බලය යොදා ගෙන ගාසා තීරයේ කඩිනම් සටන් විරාමය ඇරඹීමේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාවලිය අඩාල කළ බවයි ඔහු එහිදී පැවසුවේ. ඉන්පසුව ගාසා තීරයේ තවත් සිවිල් වැසියන් සියයකට වඩා වැඩි ගණනක් මිය ගිය බවත්, දිනෙන් දින තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බවත් Fu Cong මහතා එහිදී පෙන්වා දුන්නා.

ආධාර ද්‍රව්‍ය ප්‍රවේශයට ඇති සියලු සීමාවන් ඊශ්‍රායලය වහාම ඉවත් කළ යුතු බවත්, පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය ඉලක්ක කරගත් පනත් කෙටුම්පත් ඉවත් කළ යුතු බවත් චීන නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

මැදපෙරදිග තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බවත්,ලෙබනනය,සිරියාව,ඉරානය සහ අනෙකුත් රටවලට එරෙහි ආක්‍රමණ සහ ප්‍රකෝප කිරීමේ හැසිරීම් ඊශ්‍රායලය වහාම නතර කළ යුතු බවත් Fu Cong මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළ බවයි වාර්තා වුණේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...