*
Friday, November 29, 2024
spot_img

Latest Posts

ක්‍රීඩාව හරහා යහපත් සමාජයක් ප්‍රතිනිර්මාණය කිරීමට කැපවෙන සංවිධාන සඳහා අයිඕසී ප්‍රදාන

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 29,(LNW) කොළඹ :

ඔලිම්පික් යනු තව දුරටත් ක්‍රීඩාමය මෙවලමක් නොවන,ඉන් ඔබ්බට විහිදුණු පරාසයක සමාජමය මැදිහත්වීම් සහිත ක්‍රියාවලියක් මෙන්ම,ඒවා දිරිගන්වන සුළු ක්‍රියාවලියක් ලෙස ද ගත හැකියි.අවිද්‍යාව සහ අසාධාරණය පදනම් කර ගනිමින් අසමාන ලෙස සැළකෙන සමාජ උවදුරුවලට එරෙහිව සමාජය සංවිධානය කරන ශක්ති ප්‍රභවයක් බවට ක්‍රීඩාව යොදා ගැනීම සම්බන්ධයෙන් කළ හැකි මැදිහත්වීම් පිළිබඳව අවධානය යොමු කරන සහ එවැනි පුද්ගලයින් සහ සමාජ සංවිධාන පිළිබඳව ඇගයීම් කිරීමට මැදිහත් වන තැනෙක සිටින ඔලිම්පික්, මානව සමාජ සංවර්ධනයේ වැදගත් වගකීමක් ගත් සංවිධාන ව්‍යහුයක් බවට පත් වෙමින් ඇත.


ඒ අනුව යමින් Olympism365 නම් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙහෙයවන ව්‍යාපෘතිය යටතේ ලොව පුරා ක්‍රීඩාව සෞඛයමය,අධ්‍යාපනික මෙන්ම ස්ත්‍රී පුරුෂ සමානත්මතාවය වෙත යොමු කරන ක්‍රීඩාව පදනම් කර ගත් සමාජ සංවිධාන අගයමින් එම කටයුතු ප්‍රවර්ධනය සහ සංවර්ධනය උදෙසා ව්‍යාපෘති 12 ක් අගයමින් ඩොලර් 1.70,000 ක මුදලක් පරිත්‍යාග කරන්නට කටයුතු කර ඇත.


මේ ආකාරයට සෝමාලියාව, ඊජිප්තුව, පලස්තීනය,දකුණු සුඩානය,බොලිවියාව,බ්‍රසීලය සහ උගන්ඩාව වැනි රටවල ව්‍යාපෘති 12 ක් සඳහා ඉහත ආකාරයට ඇගයීම් හිමි විය.එහිදී ඒ සෑම එකක්ම ක්‍රීඩාවේ විශ්ව භාෂාව හරහා දේශීය ගැටලු ආමන්ත්‍රණය කරන සහ ඒවාට තිබෙන තත්ත්වයන් තුළ සිට නිර්මාණශීලීව විසදුම් ලබා දීමට උත්සාහ කරන ව්‍යාපෘතිය. Olympism365 හි දැක්මට අනුව,ප්‍රජාවන්ගේ අවශ්‍යතා සමීපව වටහාගෙන ඒවා සපුරාලීමට වෙහෙස නොබලා කටයුතු කරන ප්‍රාදේශීය නායකයින් සහ සංවිධානාත්මක සමාජ ක්‍රියාකාරීත්වයන් බව යන්න විශ්වාස කරන්නේය.


ඒ ආකාරයට ප්‍රදානයන් සඳහා උරුමකම් කී උගන්ඩාවේ පාපන්දු හරහා මුඩුක්කු ළමුන් බලමුලු ගැන්වීම, දැනුවත් කිරීම සහ සවිබල ගැන්වීම අරමුණ කර ගත් Watoto Wasoka සංවිධානයද ඇගයීමට ලක් විය. උගන්ඩාවේ අඩු පහසුකම් සහිත ප්‍රජාවන් හී සනීපාරක්ෂාව පිළිබඳ අධ්‍යාපනය සමඟ පාපන්දු ක්‍රීඩාව මිශ්‍ර කිරීමෙන්, ක්‍රීඩා වැඩසටහන් සංවිධානය කරමින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කරන අතරම යහපත් සෞඛ්‍ය පුරුදු සමාජ ගත කිරීමේ එම ව්‍යාපෘතියේ වගකීමයි.


“අපගේ ඉලක්කය වන්නේ අධ්‍යාපනය සහිත සමාජ පරිවර්තනයක් සඳහා වාහකයක් ලෙස පාපන්දු දිගටම භාවිතා කරන අතරම, නිසි අත් සනීපාරක්ෂාව සඳහා ජීවිතය වෙනස් කරන පිළිවෙත් වැඩි ප්‍රජාවකට ගෙන ඒමයි” යනුවෙන් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ෆ්‍රැන්සිස් මුගෝයා පැහැදිලි කළේය.


මුඩුක්කු දරුවන්ගේ ජීවිතවල සමාජ වෙනසක් සඳහා වාහකයක් ලෙස පාපන්දු භාවිතා කරමින් ව්‍යුහගත පාපන්දු වැඩසටහන් හරහා ජීවිතය වෙනස් කිරීමට උත්සාහ කිරීම Watoto Wasoka හී අරමුණය. උගන්ඩාවේ මුඩුක්කු දරුවන් සඳහා ආරක්ෂිත පරිසරයක් තුළ ක්‍රීඩා කිරීමට සහ ඉගෙනීමට අරමුණු සහිත අවස්ථා නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් ක්‍රියාත්මක Watoto Wasoka සංවිධානය මෙන්ම අනෙකුත් සංවිධාන ද,පරිවර්තනීය සමාජ වෙනසක් සඳහා පාපැදි, ස්කේට්බෝඩිං,වැනි ක්‍රීඩා හරහා සමාජය වෙනස් කිරීම සඳහා තමන්ගේ සමාජීය වගකීම් ඉටු කිරීමට මැදිහත්ව ක්‍රියා කරන සංවිධාන වේ.
මේ සමඟ දැක්වෙන්නේ Watoto Wasoka හී ක්‍රියාකාරකම් ඡායාරූප කිහිපයකි.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan