ජලය අතිරේකව රැස් කර ගැනීමට සූදානම් වන්න: බස්නාහිර ජනතාවට විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හමුවේ අඹතලේ ජල පොම්පාගාරය අක්‍රීය වුවහොත් බස්නාහිර පළාතේ ජල සැපයුමටද බාධා එල්ල විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ජලය අතිරේකව රැස් කර ගැනීමට සූදානමින් සිටින ලෙසයි එම මණ්ඩලයේ සභාපති සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා කියා සිටියේ.