*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

යළි ක්‍රියාත්මක වන නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රය!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (29) සිට නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කළ නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

එමගින් මෙගාවෝට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව, එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.

තවද, කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය කළ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ද ලබන මස 16 වැනි දා වන විට ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති අතර, වර්ෂාවත් සමග මේ වනවිට දෛනික විදුලි බල ජනනයෙන් 65% ක්ම සිදු වන්නේ ජල විදුලියෙන් බවයි පැවසෙන්නේ.

විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ , වසරේ මේ දක්වා කාලය තුළ ජල විදුලිය වැඩියෙන්ම නිෂ්පාදනය කළේ, පසුගිය දින කිහිපයේදී බවයි.

තම අධිකාරියට අයත් ජලාශවල ධාරිතාව සමස්ත ධාරිතාවයෙන් 88% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ජල විදුලිය සඳහා උපරිමයෙන් ජලය නිකුත් කිරීම මේ වනවිට සිදුවන බවත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan