යළි ක්‍රියාත්මක වන නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රය!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (29) සිට නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කළ නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

එමගින් මෙගාවෝට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව, එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.

තවද, කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය කළ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ද ලබන මස 16 වැනි දා වන විට ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති අතර, වර්ෂාවත් සමග මේ වනවිට දෛනික විදුලි බල ජනනයෙන් 65% ක්ම සිදු වන්නේ ජල විදුලියෙන් බවයි පැවසෙන්නේ.

විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ , වසරේ මේ දක්වා කාලය තුළ ජල විදුලිය වැඩියෙන්ම නිෂ්පාදනය කළේ, පසුගිය දින කිහිපයේදී බවයි.

තම අධිකාරියට අයත් ජලාශවල ධාරිතාව සමස්ත ධාරිතාවයෙන් 88% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ජල විදුලිය සඳහා උපරිමයෙන් ජලය නිකුත් කිරීම මේ වනවිට සිදුවන බවත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...