ඊශ්‍රායලයේ රැකියා දෙන බවට පවසන ව්‍යාජ පුද්ගලයින්ට ඔබත් රැවටුණාද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළ කරමින් ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බවට පවසමින් ව්‍යාජ ලෙස පවත්වා විදේශ රැකියා ආයතනයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.

විශේෂත්වය වන්නේ, අදාළ නියෝජිතායතනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රලාභී ආයතනයක් වීමයි.

එම ස්ථානයේ තිබී ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා ලබාගත් විදේශ ගමන් බලපත්‍ර 135, පොලිස් වාර්තා, ජීව දත්ත පත්‍රිකා හා අත්සන් කර ඇති පොරොන්දු පත්‍රිකා ඇතුලු ලේඛන රැසක් ද එම නිළධාරීන් භාරයට ගෙන ඇති බවද සඳහන් වේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සඳහන් කළේ, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා හිමිවන්නේ රජයන් දෙක අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව වන බැවින්, ඒ සඳහා බඳවා ගැනීම් සිදු කළ හැක්කේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පමණක් බවයි.

කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා වෙනත් කිසිදු පාර්ශ්වයකට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින ලෙසත්, එසේ රැකියා සඳහා බඳවා ගැනීම් සිදු කරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය 011 2864241 අංකය ඔස්සේ දැනුවත් කරන ලෙසත්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි...

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...