තායිලන්තයේ හිටපු අගමැති කෝර්න් ඩබරන්සි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් අතර හමුවක්!

කොළඹ (LNW): තායිලන්තයේ නිල සංචාරයක නිරතව සිටින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන් මහතා, එරට හිටපු අග්‍රාමාත්‍ය කෝර්න් ඩබරන්සි මහතා විසින් ගෞරවනීයව සහ මිත්‍රශීලීව පිළිගෙන දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළේය. 

ආර්ථික පසුබෑමෙන් ශ්‍රී ලංකාවට ගොඩ ඒම සඳහා තායිලන්තය පූර්ණ සහයෝගය ලබා දෙන බවට හිටපු අග්‍රාමාත්‍ය කෝර්න් ඩබරන්සි මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට සහතික විය.

තායිලන්තයේ ආර්ථික පසුබෑමේ දී, රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා සංචාරක කර්මාන්තය වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර හිටපු අගමැති කෝර්න් ඩබරන්සි මහතා තායිලන්තයේ සංචාරක කර්මාන්තයේ සාර්ථකත්වයේ ප්‍රතිපත්තිය පැහැදිලි කළේය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා තම දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කළ අතර කෝර්න් ඩබරන්සි මහතාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය. එම ආරාධනය පිළිගනිමින් හිටපු අගමැති කෝර්න් ඩබරන්සි මහතා තමා පෙබරවාරි මාසයේදී නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවට තොණ්ඩමාන් මහතාට සහතික විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඡන්ද 90%ක් ගණන් කර අවසන් – ඊශ්‍රායල මැතිවරණයේ පැහැදිලි ජයග්‍රාහකයෙක් නැහැ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ඊශ්‍රායල මහ...

වැසි තත්වයේ ලොකු වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 29) දිනයේදී බස්නාහිර සහ...

අස්වැසුම නව ක්‍රමවේදය යටතේ පවුල් ලක්ෂ 14ක් ලැයිස්තුවෙන් ඉවතට

සටහන - රුවන් නෙළුගොල්ල "අස්වැසුම" ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වැඩසටහනේ නව ක්‍රමවේදය...

වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (28) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...