කැනඩාවට එරෙහිව පැනවූ නව තීරු බද්ද පිලිබඳ සාකච්ජා කිරීමට ටෘඩෝ ට්‍රම්ප් හමුවේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අක්‍රමවත් දේශසීමා හරස් කිරීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ප්‍රතිචාර වශයෙන් මෙක්සිකෝවේ, කැනඩාවේ සියලුම භාණ්ඩ සඳහා 25% ක තීරුබදු සහ චීන නිෂ්පාදන සඳහා අතිරේකව 10% ක තීරුබදු පැනවීමේ විධායක නියෝගයකට තමා අත්සන් කිරීමට සුදානම් බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකශ කිරීමත් සමඟ යෝජිත තීරු බදු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අගමැති ජස්ටින් ටෘඩෝ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට ෆ්ලොරිඩාවට පැමිණ සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සංචාරය සම්බන්ධයෙන් අගමැති කාර්යාලය හෝ ට්‍රම්ප්ගේ කණ්ඩායම ප්‍රතිචාර දක්වා නොමැති අතර මේ සම්බන්ධයෙන් කැනේඩියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ, ට්‍රම්ප් සිකුරාදා (29) සවස ඔහුගේ මාර්-ඒ-ලාගෝ වතුයායේ සංචාරය කිරීම සඳහා ටෘඩෝ පාම් බීච් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැස්ස බවයි.

මැතිවරණයෙන් පසු තේරී පත් වූ ජනාධිපතිවරයා බැලීමට ගිය පළමු G7 නායකයා ටෘඩෝ වන අතර මෙක්සිකෝව වෙනුවෙන් 25%ක තීරුබදු වැඩි කරන්නේ නම් එක්සත් ජනපදයේ රැකියා 40,000ක් අහිමි කළ හැකි බවට මෙක්සිකෝවේ ජනාධිපති සහ ආර්ථික අමාත්‍ය ක්ලෝඩියා ෂයින්බෝම් අනතුරු අඟwවා දින කිහිපයකට පසු ටෘඩෝ පැමිණ ඇති අතර ෆ්ලොරිඩා සංචාරය කැනඩාවේ නවතම පියවර වේ. එය පුළුල් ආර්ථික බලපෑම් ඇති කළ හැකි අධික තීරුබදු වළක්වා ගැනීමට උත්සාහ කරයි. කැනඩාව ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන්ගෙන් එකක් වන අතර එය සිය මුළු අපනයනයෙන් 75% ක් පමණ එක්සත් ජනපදයට යවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...