නායිකා මනුදිගේ උපන් දිනය දවසේම ඇරඹෙන ආසියානු 19 පහළ තරගාවලියට දේවපතිරාජයෙන් හයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 29,(LNW) කොළඹ :

දෙසැම්බර් 15 – 22 දක්වා මැලේසියාවේ පැවත්වෙන ආසියානු කුසලාන අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම තව දුරටත් මනුදි නානායක්කාරටම පවරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.උප නායකත්වය මෑත කාලයේ තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙසත්,විශේෂයෙන් මැද පෙළ පිතිකාරිණියක ලෙසත් දක්ෂතා දක්වමින් සිටින්නී රශ්මිකා සෙව්වන්දිට පැවරී තිබෙනවා.


මෙම කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩිකාවන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සමඟ උරෙනුර ගැටෙමින් පන්දු වාර 50 ප්‍රධාන ක්‍රීඩා සමාජ තරගාවලියේ දී දැක් වු දස්කම් සමඟ හොඳ විශ්වාසයකින් මෙම තරගාවලියට මුහුණ දෙන්නට නියමිතව තිබෙනවා.නම් කර ඇති 15 දෙනෙකුගෙන් යුත් ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හය දෙනෙකුම රත්ගම දේවලතිරාජ විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩිකාවන් වන අතර ඒ අතර මේ වන විටත් ජාතික කණ්ඩායම නියෝජනය කරන 16 හැවිරිදි ශෂිනි ගිම්හානි ද සිටිනවා.

එසේම කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවක ලෙස සංචාරයට එකතු වන නෙතංගි ඉසුරාංජලී ද දේවපතිරාජයේ ක්‍රීඩිකාවක් වන බැවින් සංචාරයට එකතු වන දේවපතිරාජ ක්‍රීඩිකාවන් ප්‍රමාණය හතක් වෙනවා.


තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගි වීමට නියමිත අතර ශ්‍රී ලංකාව මූලික වටයේදී ඒ කාණ්ඩයෙන් සත්කාරක මැලේසියාව සහ බංගලාදේශය සමග තරග වැදීමට නියමිතව සිටිනවා.ඒ අනුව මූලික වටයේ දී ශ්‍රී ලංකාව දෙසැම්බර් 15 වන දා සත්කාරක මැලේසියාව සමඟ තරග වදින්නේ ශ්‍රී ලංකා නායිකාව සිය 17 වන උපන් දිනය සමරන දිනයේදීම යි.දෙසැම්බර් 16 වන දා බංගලාදේශය සමඟත් තරග වැදීමට නියමිතයි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි – මහා බැංකු අධිපතිගේ සහතිකය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත්...

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...

ගෙන ඒමට නියමිත නව පනතක් ගැන ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පැවසූ දේ…

රෂිකා හෙන්නායක ජනවාරි 19 , කොළඹ LNW : ත්‍රස්තවාදය වැළැක්වීමේ...

පකිස්තානය ඉදිරියේ ශ්‍රී ලංකාවට ෆුට්සාල් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...