මතුව ඇති අභියෝග හමුවේ රටේ ආර්ථිකය පසුබෑමට ලක් වීමට ඉඩ නොතබමු : ජනපති මෙරට ව්‍යාපාරික ප්‍රජාවට පවසයි

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW :

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මෙන්ම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළෙහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලබාගත හැකි සහාය පිළිබඳ සොයා බැලීමට ලංකා වාණිජ මණ්ඩලය සමග හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) රාත්‍රියේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී පවත්වා ඇත.

එහිදී, මේ වන විට රට තුළ පවතින තත්ත්වය සහ විපතට පත් ජනතාව මුදා ගැනීම් සහ සහන සැලසීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළ, ජනාධිපති අනුර, එම කටයුතුවලදී ඔවුන්ගෙන් ලබා ගත හැකි සහාය පිළිබඳව අවධානය යොමු කළ බව පැවසේ.

එමෙන්ම, මෙම හදිසි තත්ත්වය හමුවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ රටේ ආර්ථිකය පසුබෑමට ලක් වීමට ඉඩ නොතබමින් කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටක් වෙනුවෙන් හැඳෙන ඇඳුමක පසුබිම් කතාව

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ක්‍රීඩා කාර්ය සාධනය සහ...

අර්ධ ශතක තුනක් වාර්තා වූ තරගයක ජය ග්‍රීන් කණ්ඩායමට

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: පිට පිටම දින දෙකක්...

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග! 

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා ධවල...

රාජු සලකුණ ….

කෑගල්ලෙන් බිහිවෙච්ච සංගීතවේදීන් අතරින් සුවිශේෂ ගායකයෙක් සහ වාදකයෙක් වෙච්ච...