අල්ලස් ගත් ඉංජිනේරුවරයෙකුට වසර 12ක බරපතළ සිරදඬුවමක්!

0
2194

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු වී ඇති අතර, වසර 03කින් ගෙවී යන පරිදි වසර 12ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් කොළඹ මහධිකරණය විසින් නියම කර ඇති බව සඳහන් වේ.

මෙම නඩුව ගොනුකර තිබුණේ, ජල සම්පාදන මණ්ඩලයේ සැපයුම් මාර්ගයකින් නීතිවිරෝධි ලෙස ජලය ලබා ගත් පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර නොගැනීම සඳහා රුපියල් 25,000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා 04ක් යටතේ අදාළ පුද්ගලයාට එරෙහිවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??