*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ප්‍රවීනයන්ගෙන් කායවර්ධන තරගාවලියක් සහ සංස්කෘතික සංදර්ශනයක්

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කායවර්ධන සම්මේලනය සහ සංස්කෘතික සංගමය සංවිධානය කරන කායවර්ධන තරගාවලිය ලබන දෙසැම්බර් මස 15 වැනිදා, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන නාඩා රඟහලේදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියට Sri Lanka Masters Champion Mr. Hercules Top 10, Youth Junior & Physique Men/ Women Championship – 2023 යන තරග ඉසව් ඇතුළත් කර තිබෙන අතර, තරගාවලිය සමග විවිධ ප්‍රසංගයක්ද (නැටුම්/ රැඟුම් සමඟ සංස්කෘතික දර්ශන) පැවැත්වීමට තරග සංවිධායකයින් අපේක්ෂා කරයි.

තරගාවලියේ මූලික තරග පෙ.ව. 08.30ට ආරම්භ කෙරෙන අතර, අවසාන මහා තරගය ප.ව. 03.30ට පැවත්වෙන අතර මේම තරගාවලියට අධිකරණ, බන්ධනාගාර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ, ජනාධිපති මෙහෙයුම් කටයුතු ප්‍රධානී සාගල රත්නායක, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ, ටී. අලෙයිලීමා, 306/2C සිංහාධිපති ඉස්මිත් හමීඩ්, නිමල් බුලත්සිංහල සහ ලසන්ත අමරසිංහ යන මහත්ම මහත්මීහු ආරාධිතයින් ලෙස එක්වෙති.

තරගාවලිය පිලිබඳ වැඩිදුර විමසීම් ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කායවර්ධන සම්මේලනය සහ සංස්කෘතික සංගමයේ සභාපති කේ. තිලත් ජයවීර (0766530175), ප්‍රධාන ලේකම් කේ. ගාමිණී ද සිල්වා (0763356362), භාණ්ඩාගාරික ඩී. එන්. සිල්වා (0717320570) සහ සුරන්‍යා සුසෑන් (0762027788) යන මහත්ම මහත්මීහු ඇමතීමෙන් ලබාගත හැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan