එකට නැගිටිමු: විපක්ෂය ආණ්ඩුවට සද්දයකුත් දමා පාර්ලිමෙන්තුවෙන් පිට වෙයි. රනිලුත් පක්ෂ නායක හමුවක් කඳවලා!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ආපදා තත්ත්වය භේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබුණු පාර්ලිමේන්තු කටයුතු අද උදෑසන යළි ආරම්භ කළ අතර පස්වරු 12.30 දක්වා පමණක් පාර්ලිමේන්තුව පැවැත් වීමට කටයුතු කර තිබුණි.

යළි පාර්ලිමේන්තුව එළඹෙන 03 වැනිදා පෙරවරු 09.00 ට රැස්වෙන බවයි කථානායකවරයා දැනුම් දුන්නේ.

කෙසේවෙතත් අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂයට විශාල විරෝධයක් දක්වන ආකාරය දක්නට ලැබුණි.

එහිදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැනි ආයතන මෙම බරපතල අනතුරුදායක තත්ත්වය පිළිබඳ පූර්ව දැනුවත් කිරීම් කර තිබියදී අන්තිම මොහොත වෙනතුරු ජලාශවල ජලය නිදහස් කිරීමට කටයුතු නොකළ බවයි.

”කොත්මලේ ගත්තම ගම්පොළ මම හිතන්නේ 1000කට වැඩිය මැරිලා ඇති. මොකද එකපාරම ගේට්ටු ඇරියා. 12 වෙනිදා ඉඳල වතුර ටිකෙන් ටිකෙන් ටික ඇරියා නම් මේ ජීවිතවලින් 75%ක් බේරගන්න තිබුණා. ඔය ප්‍රශ්නය අපි මෙතන කතා කරල තිබුණා නම්… ඔයාල ලැජ්ජා වෙන්න එපා. වැරැද්ද ගත්තා නම් හරි දැන්වත් වැරදුණා මෙතනින් එහාට මේක නිවැරදි කරන්න රටක හැටියට එකට වැඩ කරමු. මිනිස්සුන්ට කන්න නැතුව ගෙවල්වලට යන්න බැරිව ගොඩක් තියෙනවා. ප්‍රතිපත්තිමය වැඩපිළිවෙක් හදන්න කියල අපි රජයට අවධාරණය කරනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසූ අතර අනතුරුව සභාව තුළ විපක්ෂයේ කණ්ඩායම යම් කලබලකාරී තත්ත්වයක් ඇති කරන ආකරය දැකගත හැකි විය.

සභානායක අමාත්‍ය බිමල් රත්නයක මහතාට කරුණු දැක්වීමට අවස්ථාවක් නොදෙමින් ඝෝෂාකාරී ලෙස විපක්ෂය හැසිරෙන ආකාරයද දක්නට ලැබුණි.

”ආණ්ඩුවත් සමඟ හැප්පෙන්න යන්නේ නැහැ. ආපි අපේ කාලය නාස්ති කරගන්නේ නැහැ. අපි මිනිස්සු වෙනුවෙන් වැඩකරන්න මෙතනින් ඉවත් වෙලා යනවා.” යනුවෙන් කබීර් හෂීම් මන්ත්‍රීවරයා යළි පවසන ලදී.

මේ අතර පවතින ආපදා තත්ත්වය හමුවේ ගත යුතු පියවර ගැන සාකච්ජා කිරීම සඳහා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

ඒ අනුව එළඹෙන බදාදා (03) දින කොළඹ මල්පාරේ එජාප දේශපාලන කාර්යාලයට සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...