නන්දිකඩාල් කලපුව හරහා වැටී ඇති මුලතිව් නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය අවහිර වේ..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW 

මේ වන විට , මුලතිව් වට්ටුවාකල් පාලම ස්ථාන දෙකකින් කැඩී ගොස් තිබෙන බව, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම පාලම , මුලතිව් නන්දිකඩාල් කලපුව හරහා වැටී ඇති මුලතිව් නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයක් වන බව සඳහන් වේ.

මුලතිව් සිට පරන්තන් දක්වා දිවෙන මාර්ගයේ නන්දිකඩාල් කලපුව හරහා වැටී ඇති පාලමේ කොටස් දෙකක් කැඩී යාම හේතුවෙන් පාලම හරහා ගමනාගමන කටයුතු සියල්ල නවතා දමා ඇති බවද වාර්තා වේ.