ශ්‍රී ලංකා තානාපති උණම්බුවේ උතුරු මැසිඩෝනියා ජනරජයේ ජනාධිපති පෙන්ඩරොව්ස්කි වෙත අක්තපත්‍ර පිළිගන්වයි

Date:

ශ්‍රී ලංකා තානාපති උණම්බුවේ මැතිණිය  උතුරු මැසිඩෝනියා ජනරජයේ ජනාධිපති පෙන්ඩරොව්ස්කි මැතිතුමා වෙත අක්තපත්‍ර පිළිගන්වයි

උතුරු මැසිඩෝනියා ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති ලෙස අක්ත ගන්වන ලද ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති මනෝරි උණම්බුවේ මැතිණිය 2021 නොවැම්බර් 24 වැනි දින ස්කෝප්යේ හි පිහිටි ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයක දී උතුරු මැසිඩෝනියා ජනරජයේ ජනාධිපති ස්ටීවෝ පෙන්ඩරොව්ස්කි මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.

අක්තපත්‍ර පිළිගැන්වීමේ දී සිදු කෙරෙන සම්ප්‍රදායික දේශනය පැවැත්වූ  තානාපති උණම්බුවේ මැතිණිය උතුරු මැසිඩෝනියාවේ ජනාධිපතිවරයා වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුබපැතුම් පිරිනැමූ අතර වෙළෙඳ හා ආයෝජන අවස්ථා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් උතුරු මැසිඩෝනියාව සමඟ පවත්නා සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම පිළිබඳව යළි අවධාරණය කළාය.

නව තානාපතිවරිය පිළිගත් ජනාධිපති පෙන්ඩරොව්ස්කි මැතිතුමා දෙරට අතර පවත්නා සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා උතුරු මැසිඩෝනියාව නව මාවත් ගවේෂණය කිරීමට අපේක්ෂා කරන බවත් උතුරු මැසිඩෝනියා රජය නව තානාපතිවරියට සහ දූත මණ්ඩලයට සිය ඉදිරි කටයුතු සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවත් අවධාරණය කළේය.

අක්තපත්‍ර පිළිගැන්වීමෙන් පසුව ජනාධිපතිවරයා සමඟ හමුවක් පැවැත්වූ තානාපතිවරිය 2019 සහ 2020 යන වර්ෂවල පැවති ජනාධිපතිවරණය සහ මහ මැතිවරණවලින් අනතුරුව ආර්ථික සංවර්ධනය, සංහිඳියාව සහ ප්‍රතිසංස්කරණය යනාදිය ඇතුළුව ශ්‍රී ලංකාව තුළ සිදු වූ ප්‍රධාන සංවර්ධන කටයුතු පිළිබඳව දැනුම්වත් කළාය.

යුගෝස්ලාවියාවේ පෙර පැවති සමාජවාදී ෆෙඩරල් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර පැවති දීර්ඝ කාලීන මිත්‍රත්වය මෙන්ම විශේෂයෙන්ම නොබැඳි ව්‍යාපාරය තුළ දෙරට උසුලන ප්‍රමුඛ සාමාජිකත්වය පිළිබඳව සඳහන් කළ ජනාධිපති පෙන්ඩරොව්ස්කි මැතිතුමා දෙරටේ අන්‍යෝන්‍ය වාසි සඳහා විධිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය. තවද සංහිඳියාව සහ සහජීවනය වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන දේශීය යාන්ත්‍රණය ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් විය

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උතුරු මැසිඩෝනියා ජනරජයේ එකඟත්වය යටතේ අක්ත ගන්වා ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බර්ලින්
2021 නොවැම්බර් 30 වැනි දින 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...