*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

අසමානතා දුරුකරමු. ඒඩ්ස් අවසන් කරමු. වසංගත පරදවමු

අද (දෙසැම්බර් 01) ලෝක ඒඩ්ස් දිනයයි. එච්අයිවී ආසාදනය පාදක කොටගත් අධිවාචනය තුළ එච්අයිවී සමඟ ජීවත් වන ප්‍රජාවන්ට සහයෝගය දැක්වීම, එච්අයිවී නිවාරණය සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් විවිධ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම, එච්අයිවී ආශ්‍රිත අපකීර්තීන්, වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් පිටුදැකීම, එච්අයිවී ආශ්‍රිත මිත්‍යාවන් දුරලීම, හා ඒඩ්ස් ආශ්‍රිත රෝගී තත්ත්වයන් ගෙන් මරණයට පත් පුද්ගලයින් සිහිපත් කිරීම මෙම දිනයට සමඟාමීව සිදුවෙයි.

මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව වන්නේ අසමානතා දුරුකරමු, ඒඩ්ස් අවසන් කරමු හා වසංගත පරදවමු යන්නයි!

එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයන් පිළිබඳ ගෝලීය තක්සේරු සැලකිල්ලට ගත් විට පුද්ගලයන් මිලියන 36.3 පමණ වෛරස ආසාදනයට අදාළව සැලකිල්ලට ගනු ලැබේ. 2020 වර්ෂය වන විට එච්අයිවී ආශ්‍රිත තත්ත්වයන්ගෙන් මරණයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 680,000 පමණ සේ සැලකෙන අතර, පුද්ගලයින් මිලියන 1.5 පමණ සංඛ්‍යාවක් ආසාදනයට ලක්ව ඇති බව වාර්තා වේ. ඇස්තමේන්තු කර ඇති පරිදි ලොව තුළ එච්අයිවී සමඟ ජීවත් වන ප්‍රජාව මිලියන 38 පමණ සේ සැලකෙයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් 3600 පමණ (3200 – 4200) සේ සැළකෙන අතර, වැඩිහිටියන් අතර එච්අයිවී ව්‍යාප්තිය 0.1% ටත් අඩු මට්ටමක පවතින බව රජයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ගණන් බලා තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය සමඟ එච්අයිවී සමඟ ජීවත් වන ප්‍රජාවට මුහුණ පෑමට සිදුවූ අභියෝගයන් වල සැලකිය යුතු මට්ටමක ඉහළ යාමක් සිදුවූ අතර, මේ සමඟ ජීවන තත්ත්වයන් කඩා වැටීම, ආර්ථික අර්බුදයන් වලට මුහුණ පෑමට සිදුවීම, කොවිඩ් වසංගතයට ප්‍රමුඛතාවය ලබා දීම නිසා එච්අයිවී සඳහා වන ඖෂධ ලබා ගැනීමේ දී විවිධ ගැටළු මතුවීම, වසංගත තත්ත්වය තුළ කොවිඩ් ආසාදනය වේ යැයි බියෙන් එච්අයිවී සමඟ ජීවත් වන ප්‍රජාව සායන වලට යාමට මැලිවීම ආදී කරුණු අභියෝගයන් රාශියකට අපට මුහුණ පෑමට සිදුවිය. මෙම ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු සියළු රාජ්‍යයන් වල සෞඛ්‍ය සේවාවන් ඔවුන්ගේ උපරිම කැපවීමෙන් දායකත්වය සපයයි.

එච්අයිවී සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ මෙන්ම ගෝලීය වශයෙන් තිබෙන ප්‍රවණතා පහත පරිදි වෙයි;

  • නිසි ප්‍රතිකාර (ඇන්ටිරෙට්රොවයිරල් ට්‍රීට්මන්ට්) මඟින් එච්අයිවී වෛරසය සාර්ථකව පාලනය කළ හැකි වෙයි;
  • වෛරසය සාර්ථකව පාලනය කිරීම මඟින් වෛරසය සිරුරේ හඳුනා ගත නොහැකි මට්ටමක් (අන්ඩිටෙක්ටබල්) කරා ගෙන ආ හැකියි;
  • වෛරසය හඳුනා ගත නොහැකි මට්ටමට රැගෙන ආ විට වෙනත් පුද්ගලයකුට සම්ප්‍රේශණය නොවේ (අන් ට්‍රාන්ස්මිටබල්);
  • පූර්ව එච්අයිවී නිවාරණ ප්‍රතිකාර (ප්‍රි-එක්ස්පෝෂර් පොෆිලැක්සිස් – ප්‍රෙප්) මඟින් එච්අයිවී වෛරසය සම්ප්‍රේශණය වීම වළක්වාලනු ලබයි;
  • කොන්ඩම සමඟ ප්‍රෙප් භාවිතා කිරීම තුළින් පූර්ණ එච්අයිවී ආරක්ෂාව ලබා ගත හැකි වෙයි

මීට අමතරව එච්අයිවී අවදානම පිළිබඳව ස්වයං තක්සේරුවක් සිදුකර ගැනීමට අවශ්‍ය ස්වයං පරීක්ෂක කට්ටල (සෙල්ෆ් ටෙස්ටිං කිට්) ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව තුළින් ද ලබා ගත හැකි වෙයි. එමෙන්ම එච්අයිවී සඳහා අධි අවදානමක් සහිත කණ්ඩායම් (කී පොපියුලේෂන්ස්) වලට වෛද්‍ය උපදෙස් මත පූර්ව එච්අයිවී නිවාරණ ඖෂධ ලබා ගැනීමේ හැකියාව ද අප රටේ සෞඛ්‍ය සේවාව හරහා පවතියි.

ශ්‍රී ලංකාව 2019 වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක්වෙමින් මවගෙන් දරුවාට එච්අයිවී සහ සිෆිලිස් සම්ප්‍රේශණය වීම සියයට සියයක් (100%) තුරන් කර දැමීමට සමත් විය. එමෙන්ම 2020 වර්ෂයේ රජයේ අනුග්‍රහය යටතේ ආරම්භ වූ ව්‍යාපෘතියක් හරහා අධි අවදානම් කණ්ඩායම් සදහා එච්අයිවී පූර්ව නිවාරණ ඖෂධ ලබා දීම ආරම්භ විය.

තව ද, 2017 වර්ෂයේ රජය හා සිවිල් පාර්ශවයන් අතර පැවති සාකච්ඡාවන් සැලකිල්ලට ගෙන එච්අයිවී නිවාරණ වැඩපිළිවෙල තුළ ඒ වන විටත් පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමි (එම්එස්එම්) කාණ්ඩයට ඇතුළත් කර තිබූ සංක්‍රාන්ති සමාජභාවී (ට්‍රාන්ස්ජෙන්ඩර්) ප්‍රජාව වෙනම අනන්‍යතාවයක් සේ සලකා සේවාවන් ලබා දීම ආරම්භ විය. මෙමඟින් සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන්ට ලිංගාශ්‍රිත රෝග සායන වල පුරුෂ සායන වල මුහුණපෑමට සිදුවූ අපහසුතා ඉවත් කර දැමීමට ශ්‍රී ලංකාව සමත් විය.

අවදානමක් තිබේ යැයි කුමන හෝ සැකයකින් ඔබ පසුවන්නේ නම් වෛද්‍ය පරීක්ෂාවක් සිදුකර ගැනීමට කිසිසේත්ම මැලිවන්න එපා. ඉතාමත් ඉහළ ගුණාත්මකභාවයකින් යුතු, රහස්‍ය මෙන්ම නොමිලේ සේවාවක් රජයේ සෞඛ්‍ය සේවාව තුළින් ලබා ගැනීමට ඔබට හැකියාව තිබේ.

2025 – 2030 වන විට ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස් තුරන් කර දැමීමේ ජාතික අභිලාෂය වෙනුවෙන් කැපවීම රජය හා එච්අයිවී ක්‍රියාධරයන්ගේ පමණක් නොව, පුරවැසියන් වශයෙන් ඔබ අප සැමගේ වගකීමක් ලෙස සලකා කටයුතු කරමු.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan