අලුත් දේශපාලන ගමනක් ගැන අර්ජුනගෙන් ඉඟියක් …

Date:

පක්ෂ දේශපාලනය තුළ සිර නොවී ස්වාධීනව සිටිමින් රට වෙනුවෙන් නව දේශපාලන ක්‍රමයක් ඇතිකිරීම උදෙසා උරදී කටයුතු කරන බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 

ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමෙන් අනතුරුව ඊයේ (30) මල්වතු – අස්ගිරු මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමට ගිය අවස්ථාවේදීය. 

වෙනම පක්ෂයක් ගොඩනැඟීමට හෝ පවතින පක්ෂයකට එකතු වීමට අදහසක් තමන්ට නොමැති බව පැවසූ ඒ මහතා වර්තමානයෙහි රටේ පවතින දේශපාලනයෙන් රටට වැඩක් වී නොමැති හෙයින් රටට වැඩදායක දේශපාලන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා මේ වනවිටත් තමන් පුද්ගලයින් සහ කණ්ඩායම් කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සඳහන් කළේය. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...