”හමාස්” කොන්ද්සි කඩ කළ බව පවසමින් ඊශ්‍රායලය යළි සටන් අරඹයි!

කොළඹ LNW:ඊශ්‍රායලය – හමාස් සටන් විරාමය අවසන් වී තිබේ.

හමාස් සංවිධානය සටන් විරාම කොන්දේසි කඩ කළ බවට චෝදනා කරමින් ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහි සටන යළි ආරම්භ කළ බවයි ඊශ්‍රායල හමුදාව සඳහන් කරන්නේ.

කටාර් රාජ්‍යයේ මැදිහත් වීම මත මෙම සටන් විරාමය ක්‍රියාත්මක වූ අතර දින හතරක සටන් විරාම එකඟතාව දින 07ක් දක්වාම පැවතුණි.

මෙම සටන් විරාම කාල සීමාව තුළ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 110 ක් සහ ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටි පලස්තීන සිරකරුවන් 240 ක් නිදහස් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

ඔක්‌තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස්‌ ප්‍රහාරයෙන් පසු දෙපාර්ශවයේ ගැටුම් හේතුවෙන් 15000කට වැඩි පිරිසක් මියගොස් තිබන අතර ඉන් 6000කට වැඩි පිරිසක් දරුවන් බවද වාර්තා වෙයි.

මෙම ගැටුම්වලට එක්සත් ජනපද සහය ඊශ්‍රායලය වත ලැබීම ගැන එක්සත් ජනපදයට ගෝලීය වශයන් විරෝධයක් එල්ල වී තිබන අතර නිදහස් පලස්තීනය සුරක්ෂිත කරන ලෙසයි බහුතරයක් ගෝලීය පාර්ශව අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...