සෞඛ්‍ය ඇමැති වූ නිසා තමයි මම රටේ ජනාධිපති වුණේ – මෛත්‍රීපාල සිරිසේන

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (30) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ පැවැති විවාදයට එක්වෙමින් හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ, 2010 වසරේදී සෞඛ්‍ය අමාත්‍ය ධුරයට තමාව පත් කළේ, දේශපාලන වශයෙන් නැත්තටම නැති කරන්නට බවයි.

තමාව නැත්තටම නැති කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස එවකට පත් කළ ද , අවසානයේ නතර වූයේ ජනාධිපතිවරයා වීමෙන් බවත් ඒ බව නව සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත මතක් කර සිටින බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

”සෞඛ්‍ය ඇමැති වූ නිසා තමයි රටේ ජනාධිපති වුණේ. ඒ බව නව සෞඛ්‍ය ඇමැතිවරයාට මතක් කරන්න ඕනෑ. වංචා දූෂණ ගැන කතා කරන විට වෛද්‍ය සැපයීම් අංශය, ඖෂධ සංස්ථාව වගේ තැන්වලින් ඖෂධ ගන්නා විට ටෙන්ඩර් විශාල සංඛ්‍යාවක් කැඳවනවා. ටෙන්ඩර් ක්‍රමය මේ රටේ සම්පූර්ණයෙන්ම දූෂිතයි. ලෝකයේ ඕනෑම රටකට ගියාම ඒ රටවල මෙරට සෞඛ්‍ය සේවාව ගැන පිළි ගැනීමක් තිබෙනවා. ඒ තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගත යුතු යි” ලෙස කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TASTY TUESDAYS: ලෝකෙ වටේ යන ගමනේ ඊජිප්තුවේ Koshari (Discover the Magic of “Koshari” — Egypt’s Ultimate Comfort Bowl)

සටහන – පුලී නොවැම්බර් 18, කොළඹ (LNW): කොම්ෆර්ට් ආහාරවලට රජෙක් සිටියා...

අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 18, ලෝකය (LNW): මෙම සතියේ සංගීත ලෝකයේ...

තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...

මහින්දට 80 යි : මහින්ද ඉගෙනගත යුතු පාඩම සහ මහින්දගෙන් ඉගෙනගත යුතු පාඩම ….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...