අතරමඟ නතර කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරන්න – සජිත් ජපාන තානාපතිගෙන් ඉල්ලයි (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට ජපාන තානාපති Akio Isomata මහතා අතර හමුවක් ඊයේ (දෙසැම්බර් 01) කොළඹ දී සිදුවිය.

මෙහි දී ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පැවැති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ඉදිරියටත් පවත්වා ගෙන යන ලෙසත් ඒ සඳහා තමාගේ උපරිම දායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයා හමුවේ පැවසීය.

එසේම පසුගිය කාලය තුළ ජපානය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා ඒ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය විපක්ෂයේ සිට තමා ලබා දෙන බවත් තවදුරටත් සඳහන් කළේය.

මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය කවින්ද ජයවර්ධන මහතා ද එක්ව සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල...

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...