සිය පවුල සමඟ හොලිවුඩයේ Walk of Fame වෙත ආ හොරුන් මට්ටු කළ කෙවින්!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
චූටි කාලේ දෙසැම්බර් නිවාඩුව එනකන් පොඩිත්තන් හරි හරියට බලාගෙන ඉන්නේ එහෙ මෙහෙ යන්න නිවාඩුව ගත කරන්න වගේම ඒ කාලයට යන ළමා චිත්‍රපට රසවිඳින්නට ය. සීතල දෙසැම්බරය හෙවත් නත්තල් මාසයේ රසවිඳින එවැනි ළමා චිත්‍රපට අතරින් “Home Alone” ඔබට මතකයට නැගෙනවා නොඅනුමානය.

අපි තාමත් දෙසැම්බරය එනකන් ඉන්නේ “Home Alone” බලන්න. මොකද ගතින් වයසට ගියත් හිතින් තාමත් අපි එකම සිතිවිල්ලක පසුවන නිසාය.

අට හැවිරිදි පුංචි කෙවින්ට ඔහුගේ පවුලේ අය ප්‍රංශය බලා පිටත්ව යන ගමන මඟහැරීම, සොරුන් ඔහුගේ නිවසට ඇතුළු වීමට උත්සාහ කරන විට, ඔහු උපායමාර්ගිකව ඒවා සමඟ සටන් කිරීම මේ “Home Alone” කතාව පුරා දිවෙයි.

Home Alone හි දැන් 43 හැවිරිදි Macaulay Culkin සහ Brenda Song ඔවුන්ගේ දරුවන් දෙදෙනා සමඟ දෙසැම්බර් 1 වන දින පැවති හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් හි සිටින වීඩියෝ සහ ඡායාරූප රැල්ලක් සමාජ මාධ්‍ය පුරා දිව යයි.

facebook

ඔවුන්ගේ දරුවන් වන Dakota රතු පලස මත mohawk කොණ්ඩා මෝස්තරයක් සහ නිල් ජම්ප් සූට් එකක් හැඳ සිටි අතර ඔහුගේ බාල සොහොයුරා සුදු ස්වීටර් එකකින් සැරසී සිටිනු දක්නට ලැබිණි.

Culkin පවුලට අමතරව 1990 Home Alone චිත්‍රපටිය සහ එහි 1992 ආ අනුප්‍රාප්තිකය යන දෙකෙහිම ඔහුගේ මව ලෙස රඟපෑ Catherine O’Hara මෙන්ම Party Monster සහ Adam Green’s Aladdin හි ඔහු සමඟින් පෙනී සිටි Natasha Lyonne ද මෙම උත්සව සභාව ඇමතීය.

Facebook

Culkin ඔහුගේ පෞද්ගලික ජීවිතය වැඩි සමාජගත කිරීමක් නොකළ අතර මෙම උත්සවයේ දී ඔහුගේ පවුල වැඩි කතාබහට ලක් වීමට ප්‍රධාන හේතුව ද මෙය විය හැක. කිමඳ රසිකයන්ට එය හොඳ ගොසිප් එකක් බැවිනි.

කෙවින් දැන් වඟකීම් දරණ තාත්තා කෙනෙක් ඒත් ඔබ අපි තාම දෙසැම්බරය එනකම් බලාගෙන ඉන්නේ “Home Alone” බලන්න. කාලය කෙතරම් නපුරුද?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...