සුරාසල් විවෘතව තැබෙන වේලාවේ වෙනසක්

Date:

සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති අතර සුරා සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ද ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත යොමු කිරීමට පොළඹවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ. ශ්‍රී ලංකා සුරා බදු නිලධාරීන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමින්.

නීත්‍යානුකුල නොවන මත්පැන් වර්ධනය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වසර 20ක කාලය තුළ නීත්‍යානුකූල මත්පැන් 50%කින් වර්ධනය වෙද්දී නීති විරෝධී මත්පැන් වර්ධනය 500% ඉහළ අගයක පවතින බවයි. මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා සුරාසල් ව්‍යාප්තිය ද හේතුවක් වන බවත් ඒ මහතා සඳහන් කළේය. මහනුවර දිස්ත්‍රික්කයේ සෑම පුද්ගලයන් 6,000කටම එක් සුරාසලක් පවතිද්දී මුලතිව් දිස්ත්‍රික්කයේ එක් සුරා සලක් පවතින්නේ පුද්ගලයන් 990,000කට බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඇතැම් ප්‍රදේශවලට කිලෝ මීටර් 80ක පමණ ගෙවා සුරා සලක් වෙත යා යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ අනුව සුරාසැල් රාත්‍රී 9.00 සිට ඉදිරියටත් යම්කිසි කාලයක් විවෘතව තැබීමට නුදුරේදීම කටයුතු කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිවාස ආධාරය ගන්න නිර්දේශය දෙන්න 50,000ක් ඉල්ලලා. තවත් රජයේ නිලධාරියෙක් අල්ලස් දැලේ!

කොළඹ LNW: ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික)...

කලින්ම ජීවිතයට සමු දුන් හිටපු බොක්සිං ලෝක ශූර  Ricky Hatton!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු බොක්සිං ලෝක...

පොලීසිය දැන් කුඩු දාලා අපේ අයව අල්ලනවා – පොහොට්ටු ලේකම්ගෙන් පොලීසියට බරපතල චෝදනාවක්!

කොළඹ LNW: පොලීසිය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ...

හිටපු නාවික හමුදාපතිට එරෙහි අභියාචනා පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය සමයේ තරුණයින්...