සුරාසල් විවෘතව තැබෙන වේලාවේ වෙනසක්

Date:

සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති අතර සුරා සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ද ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත යොමු කිරීමට පොළඹවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ. ශ්‍රී ලංකා සුරා බදු නිලධාරීන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමින්.

නීත්‍යානුකුල නොවන මත්පැන් වර්ධනය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වසර 20ක කාලය තුළ නීත්‍යානුකූල මත්පැන් 50%කින් වර්ධනය වෙද්දී නීති විරෝධී මත්පැන් වර්ධනය 500% ඉහළ අගයක පවතින බවයි. මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා සුරාසල් ව්‍යාප්තිය ද හේතුවක් වන බවත් ඒ මහතා සඳහන් කළේය. මහනුවර දිස්ත්‍රික්කයේ සෑම පුද්ගලයන් 6,000කටම එක් සුරාසලක් පවතිද්දී මුලතිව් දිස්ත්‍රික්කයේ එක් සුරා සලක් පවතින්නේ පුද්ගලයන් 990,000කට බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඇතැම් ප්‍රදේශවලට කිලෝ මීටර් 80ක පමණ ගෙවා සුරා සලක් වෙත යා යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ අනුව සුරාසැල් රාත්‍රී 9.00 සිට ඉදිරියටත් යම්කිසි කාලයක් විවෘතව තැබීමට නුදුරේදීම කටයුතු කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...