පුරාවස්තු යනු ඉතිහාසයේ ශේෂයක්ද ? නැත්නම් වර්තමාන ජාතික අභිමානයේ කොටසක්ද ?

Date:

පුරාවස්තු යන විෂය හඳුනා ගන්නේ පුරාතන සමාජයෙන් ඛණ්ඩනය වූ සමාජයන් පමණි.

පුරාතන සමාජයෙන් ඛණ්ඩනය නොවූ සමාජ පුරාවස්තුවලම කොටසක් ලෙස එකතැන පල්වෙමින් ඔහේ පවතී..

ඇත්තෙන්ම ලාංකීය සමාජයට පුරාවස්තු කියන විෂය හඳුන්වා දෙන්නේ බටහිර ස්වාමියා විසිනි.. සීගිරිය හොයාගෙන, උතුරු මැද නටඹුන් හෙලි පෙහෙලි කොට ඒවා අපේම අතීතය ලෙස අපට පිළිගන්වන්නේ බටහිර ශිෂ්ඨකයා විසිනි.. නමුත් අර්බුදය නම් අප තාමත් ඒවා අපේ අතීත ශේෂ ලෙස බාර නොගෙන වර්තමාන ඊනියා අභිමානයේම කොටසක් ලෙස වැරදි ලෙස ඥානනය කරගැනීමයි..

ලෙව්කෙගේ කඩු තුවක්කු යනු ඉතිහාස ශේෂයක් ලෙස නොගෙන එය ජාතික නිදහස වෙනුවෙන් භාවිතාවූ අවි ලෙස අද වරනැගෙයි නම් ඒ තුලින් ගම්‍යවන්නේ අප සමාජ දේශපාලන වශයෙන් අතීතයේ අතරමංව ඇති බවකි..

මන්ද, ලෙවුකේ, කැප්පෙටිපොළ වැන්නවුන් එදා මෙහෙය වූයේ ඉතිහාසයේ ඉරණම් සහගතලෙසම පරාජය වීමට නියමිත වැඩවසම් සටනකි.. එදා යම් හෙයකින් ලෙව්කේලා කැප්පෙටිපොළලා දිනුවේනම් අප අද ලෝක ඉතිහාසය තුල පුරාවස්තු ලෙස ඝනීභූත වූ අතීත ජාතියකි ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...