*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ශම්මි එක්ක අවුල ගණු -දෙනු එක්ක ප්‍රශ්නයක් – රොෂාන් රණසිංහ ගැන සුදත් චන්ද්‍රසේකර පවසයි

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): යුටියුබ් නාලිකාවක් සමඟ සංවාදයකට එකතු වෙන සුදත් චන්ද්‍රසේකර පවසන්නේ ශම්මි සිල්වා සහ රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා සමඟ ගැටළුව මතුවන්නේ ගණු – දෙනු සම්බන්ධයෙන් මතු වූ තත්ත්වයක් මත බවය.රොෂාන් රණසිංහ විසින් පාර්ලිමේන්තුවේදී ද තමන්ට ජිවිත තර්ජන ඇති අයෙක් ලෙස සුදත් චන්ද්‍රසේකරව හඳුන්වා දුන්න ද තමාව දේශපාලනයට කැඳවා ඒම සඳහා සුදත් චන්ද්‍රසේකර මුල් වූ චරිතයක් ලෙස ද රොෂාන් රණසිංහ විසින්ම හඳුන්වා දෙන්නේය.සුදත් අමාත්‍ය ධූරයේ මුල් අවධියේ රොෂාන් රණසිංහගේ උපදේශකයා වශයෙන් ක්‍රියා කළ පුද්ගලයාද වන්නේය.


සුදත් චන්ද්‍රසේකර පවසන්නේ තමන්ගේ නිවසේදී ශම්මි සිල්වා හමු වී විකාශණ අයිතිය සම්බන්ධයෙන් රොෂාන් රණසිංහ සමාගමක් යෝජනා කළත්,ශම්මි සිල්වා එය අයිසිසී ය හරහා සමාගමක් එන වැළක්වීමට තමාට හැකියාවක් නොමැති බව රොෂාන් රණසිංහට දැනුම් දුන් බවය.අර්ජුන ක්‍රිකට් මුල් කරගෙන එය විසුරුවා අතුරු කමිටුවක් සකසා එහි සභාපති වීමට උනන්දුවෙන් වැඩ කළ බව පෙන්වා දෙන සුදත්,මේ නිසා අමාත්‍යවරයා ශම්මි සිල්වා ව හොර රහසේ තමන්ගේ නිවසේදී හමු වූ බවත්,එක් වරක් යාපනයට පවා ගෙන්වාගෙන පෞද්ගලිකව හමු වි සාකච්ඡා කරමින් එකම හෝටලයක නවාතැන් ගත් බවත් පෙන්වා දෙන්නේය.


අර්ජුන ජාතික ක්‍රීඩා සභාවේ තනතුර අමාත්‍යවරයාගේ බලතල ද යොදාගෙන පාවිච්චියට ගත් බව පෙන්වා දෙන සුදත්,යම් සංචාර සඳහා අනුමැතියට එන ලියවිලි අමාත්‍යවරයාට එන්නේ අර්ජුන විසින් කප්පාදු කිරීමවලින් පසුව බවත්,එම ක්ප්පාදු ඉවත්කිරීමේ වගකීම ලේකම්වරයාව සිටි වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා හරහා උපක්‍රමිකව සිඳු කිරීමට යම් අවස්ථාවලදී අමාත්‍යවරයා කටයුතු කර අර්ජුනගේ හොඳ හිත රැක ගැීමට උත්සාහ කළ බවත් පෙන්වා දුන්නේය.


රොෂාන් රණසිංහ අමාත්‍යවරයා පෞද්ගලිකව සිය වැටුප ලබා ගත්තේ නැති බව කීවද,ක්‍රීඩා අමාත්‍යංශයේ වාහන සිය පවුලේ අයට රජයේ ඉන්ධනවලින් භාවිතයට අවසර දි තමාගේ වාහනයට අතින් ඉන්ධන ගසා ගත් අයෙක් බව සුදත් චන්ද්‍රසේකර පවසන්නේය.තමන්ගේ නිවසේ වැඩට මහවැලි අධිකාරියේ නිලධාරීන් 10 දෙනෙක් යොදවාගෙන සිටි බව පවසන සුදත්,අමාත්‍යවරයාට අයත් යුරෝ නිපොන් ආයකනයේ ඇතැම් අය ද එම ආයතනයේ රඳවා තබාගෙන රජයෙන් වැටුප් ගෙවූ බව ද පෙන්වා දුන්නේය.විදේශ සංචාර අමාත්‍යංශයේ මුදලෙන් යන්නට නිල සංචාර කරන්නට අමාත්‍යවරයාට හැකියාවක් තිබුණේ නැති බව පැවසූ සුදත්,ඩුබායි වෙත සිය ව්‍යාපාර කටයුත්තකට යන අතරතුර ක්‍රිඩා සංගමයක නිලධාරියෙක් හමු විම,ඉතාලියේ සිය පෞද්ගලික උවමනාවකට පැමිණි මොහොතේ යුපුන් අබේකෝන් හමු වීම වැනි කාරණා රාජකාරි ගමන් ලෙස හැදින්විය නොහැකි බව පෙන්වා දුන්නේය.


එසේම හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ දඹුල්ල අංගනයේ තිබී හසු වූ බව කියන වාහනය සම්බන්ධයෙන් ද අදහස් දැක් වූ සුදත් චන්ද්‍රසේකර අදාළ වාහනය දඹුල්ල යුරෝ නිපොන් ආයතනයේ කළමණාකරුට අයත් එකක් බවත්,ඉන්දික නම් වූ ඔහු අමාත්‍යවරයාගේ සමීපතම ඥාතියෙක් බවත් පෙන්වා දුන්නේය.
මේ සමඟ සුදත් චන්ද්‍රසේකරගේ එම සාකච්ඡාවට පිවිසීමට අවශ්‍යය සබඳතාවයද,අපි මෙහි පළ කරන්නෙමු.
https://youtu.be/ycKjekl-Q_0?si=a8N3g4LxmfX9sc-K

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan