ඊශ්‍රායල් රැකියා වෙනුවෙන් අතරමැදියන්ට මුදල් නොගෙවන්න – මනූෂ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සාත්තු සේවක රැකියා සඳහා, ඊශ්‍රායලයේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් දැඩි ලෙස සොයා බලමින්, සහ ඒ පිළිබඳ නිසි තක්සේරුවකින් අනතුරුව ශ්‍රමිකයින් පිටත් කර යැවීමට කටයුතු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඒ අනුව ඊයේ (01) දිනයේදී ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 11 දෙනෙක් සදහා ගුවන් ටිකට්පත් අමාත්‍යවරයාගේ අතින් ලබා දීම සිදු විය.

ශ්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් ලබාදෙන අවස්ථාවේදී සාත්තු සේවක රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ද කැදවා තිබූ අතර, පවතින ආරක්ෂක තත්වයන් ගැන පවුල්වල සාමාජිකයින් දැනුවත් කිරීමටද කටයුතු කරනු ලැබුවේය.

මේ අතර ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සදහා කිසිදු අතරමැදියෙක්ට මුදල් නොගෙවන ලෙසට අමාත්‍යවරයා අවධාරණය කළේය.

එසේ රැකියා ලබාගැනීම සදහා කිසියම් පාර්ශවයකට මුදල් ගෙවා ඇති බව අනාවරණය වුවහොත් එම පිරිස් නැවත ගෙන්වා ගැනීම සදහා කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ සදහා වන දිවුරුම් ප්‍රකාශයක්ද සියලුම ශ්‍රමිකයින් ලබාදෙන අතර පීබා ආයතනය සමග එක්ව මෙසේ අතරමැදියන්ට මුදල් ලබාදෙන පුද්ගලයින්ගේ සේවා කොන්ත්‍රාක් අවසන් කර නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබෙන බවද දනුම් දෙයි.

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා මේ වන විට 764 දෙනෙකු ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...