සියක් ජීවිත මිහිදන්වු තැන …..

Date:

සියක් ජීවිත මිහිදන්වු තැන
දස සියක් නෙක මල් පිපෙයි.
බහක් නොදොඩා ගලා යන ගඟ
සෝක පණිවිඩ ගිල ගනියි.

ඇවිද යනවිට පහත් බිම්වල
දුවේ කියනා හඬ ඇසෙයි
සැනසිලා නිදියන්න අම්මේ
මගේ හදවත ඉකි බිඳියි.

ගියායැයි අත්සන් යොදා ඇති
ලියවිල්ල මා ළඟ තියෙයි.
ගිය බවක් නොදුටුව ශෝකයෙන්
මනස තවමත් හිරි වැටෙයි.

~ වර්ණ රසිකා ගුණවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...

බංගලාදේශ ගැටළුව ක්‍රිකට් දියාරු කර ලෝක දේශපාලනය අවුලවන සුලු නැද්ද?

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: බංග්ලාදේශ වේග පන්දු යවන...

ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දෙසැම්බර් 28...

සත්‍යයේ මධුවිත ද මායා කුසලානවලින් අපි බිව්වෙ ?

සංතාප ගංතෙරේ‍,ඇතැම් විට සංතෝෂ ගිරි හිසේනිරන්තරයෙන් ඔබමොබ යනෙනඅපේ බර...