පිලිපීනයට රිච්ටර් මාපක 7.5 ක භූමිකම්පාවක්; සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

Date:

සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය මුලින් අනතුරු ඇගවීම කලද පසුව ප්‍රකාශකර තිබුණේ, සුනාමි අවදානම පහව ගොස් ඇති බවයි.

දකුණු පිලිපීනයේ මින්ඩනාඕ හි ඇතිවූ රිච්ටර් මාපක 7.5 ක ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව රටේ සමහර ප්‍රදේශවල සහ නිරිතදිග ජපාන වෙරළ තීරය සඳහා ඉවත් කිරීමේ නියෝග ක්‍රියාත්මක කර තිබේ.

පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය (Phivolcs)ප්‍රකාශ කර තිබුණේ පිලිපීනයේ සමහර ප්‍රදේශ වලට සුනාමි අවදානමක් ඇති බවයි. පසුව මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය මුලින් අනතුරු ඇගවීම කලද පසුව ප්‍රකාශකර තිබුණේ, සුනාමි අවදානම පහව ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, පිලිපීනයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු ටෝකියෝවට දකුණින් කිලෝමීටර් 290ක් (සැතපුම් 180ක්) පමණ දුරින් පිහිටි ජපානයේ හචිජෝජිමා දූපතේ සෙන්ටිමීටර 40 (අඩි 1.3) ක සුනාමි රළ නිරීක්ෂණය වී ඇති බවත්, සුනාමි රළ ජපානයේ නිරිතදිග වෙරළ තීරයට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...