සජිත්ගේ “සක්වල” 51 වැනි අදියරින් මුල්ලේරියාව රාහුල විදුහලට ස්මාර්ට් පන්ති කාමරයක් (VIDEO)

Date:

රට නිවැරදි ගමනකට යනවා නම් ප්‍රතිපත්ති සම්පාදන කරන ස්ථාන ප්‍රශස්ත විය යුතු බවත් විධායකය, ව්‍යවස්ථාදායකය, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන, සංවිධාන, ප්‍රතිපත්ති සම්පාදනයේ විවිධ පාර්ශ්වකරුවන් ඇතුළු සියලු දෙනාම දැනුම කේන්ද්‍ර කර ගෙන කටයුතු කළ යුතු වුවත් අද දැනුම කේන්ද්‍රීය ගමනක් යනවා වෙනුවට ප්‍රතිපත්ති සම්පාදනය කරන ඉහළම තැන කටවහන වැඩපිළිවෙළක් කතාව නතර කරන වැඩපිළිවෙළක්, බුද්ධිමත් ප්‍රශ්න අහන සහ යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේ බාධා කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දැනුවත්කම ප්‍රවර්ධනය නොව නොදැනුවත්කම උපයෝගී කර ගෙන රටේ ප්‍රතිපත්ති සම්පාදනය කිරිම සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා (01) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 51 වැනි අදියර යටතේ මුල්ලේරියාව රාහුල විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ වන විට විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ සිදු කරන කතා නැවැත්වීමට අත්සන් ලේඛනයක් සකස් කරමින් යන බවත් තමා පාර්ලිමේන්තුවේ කිසිදු අවස්ථාවක පෞද්ගලික අවශ්‍යතා හෝ පෞද්ගලික ප්‍රශ්න කතා නොකරන බවත් තමා සෑම විටම කතා කරන්නේ ජනතාවගේ ගැටලු, ආර්ථික ගැටලු ආදිය බවත් ඒ සියල්ල රටට ඔබින රටට වැදගත් වන ප්‍රශ්න වුවත් තමාව හදුන්වන්නේ අනවශ්‍ය දේවල් කතා කරන කෙනකු ලෙස බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා ලෙස තමා බංකොලොත් රට ගොඩ ගන්න අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දෙන විට බංකොලොත් කළ පුද්ගලයන්ට එය දරාගත නොහැකි බවත් ජනතාවට සත්‍ය තොරතුරු ලබා දිය යුතු බවත් තොරතුරු සඟවනවා නම් කිසිදු අවස්ථාවක නැවත රට ගොඩගත නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට බංකොලොත් කළ පුද්ගලයන් අධිකරණයෙන් අනාවරණය වූ පසු තමා එය පාර්ලිමේන්තවු දැනුවත් කරන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කලහකාරී ලෙස පැමිණ තමා අත තිබූ ලිපිගොනු ආදිය මංකොල්ල කෑ බව යි.

එම ලිපිගොනුව තුළ තමා විසින් සිදු කරන ලද පර්යේෂණවල සාරාංශය ගැබ්ව තිබූ බවත් එහි තිබූ දැනුම සම්බන්ධයෙන් කතා කරන විට ඔවුන් එවැනි ආකාරයට හැසිරුනේ නම් රටට මේ තත්ත්වයෙන් හෝ පැවැතීම පුදුම සහගත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...