ITAK නායකත්වයට දෙදෙනෙකුගේ නම් යෝජනා වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරම් මහතා සහ සිවඥානම් ශ්‍රීධරන් මහතා ඉලංගෙයි තමිල්අරුසුකච්චි පක්ෂයේ නව නායකත්වය සඳහා යෝජනා වී ඇති බව වාර්තා වේ.

ඔවුන් මේ වනවිට නාමයෝජනා භාර දී ඇති බවද වාර්තා වේ.

ඉලංගෙයි තමිල්අරුසුකච්චි පක්ෂයේ ජාතික සමුළුව ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර , පක්ෂයේ නව නායකයා එහිදී පත් කරගනු ලබන බව වාර්තා වේ.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී නව නායකයා තීරණය කිරීමටත් නව නායකත්වය සඳහා වැඩි නාමයෝජනා සංඛ්‍යාවක් ලැබුණහොත් ඊට පසුව පොදු කාරක සභාව රැස්වී නව නායකත්වය තීරණය කිරීමටත් පසුගිය දා රැස්වු මධ්‍යම කාරක සභාවේ දී තීරණය වී ඇති බවද වාර්තා වේ. මීට පෙර කිසිදු අවස්ථාවක පක්ෂයේ නායකයා තෝරා ගැනීමට ඡන්දයක් නොපැවතුන අතර පක්ෂය විසින් ඒකමතිකව තෝරා ගැණුන පුද්ගලයා නායකයා ලෙස තෝරාපත්කර ගනු ලැබ ඇත.

නමුත් මෙවර එය වෙනස් වනු ඇති බවත් , ඉදිරි මැතිවරණවලදී සුළු පක්ෂවල සහාය යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට මෙන්ම ජනාධිපතිවරණ ජයග්‍රහණයට දෙමළ පක්ෂවල හැසිරීමද ප්‍රධාන සාධකයක් වනු ති බව බොහෝ දේශපාලන විචාරකයිනේ මතය වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...