ITAK නායකත්වයට දෙදෙනෙකුගේ නම් යෝජනා වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරම් මහතා සහ සිවඥානම් ශ්‍රීධරන් මහතා ඉලංගෙයි තමිල්අරුසුකච්චි පක්ෂයේ නව නායකත්වය සඳහා යෝජනා වී ඇති බව වාර්තා වේ.

ඔවුන් මේ වනවිට නාමයෝජනා භාර දී ඇති බවද වාර්තා වේ.

ඉලංගෙයි තමිල්අරුසුකච්චි පක්ෂයේ ජාතික සමුළුව ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර , පක්ෂයේ නව නායකයා එහිදී පත් කරගනු ලබන බව වාර්තා වේ.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී නව නායකයා තීරණය කිරීමටත් නව නායකත්වය සඳහා වැඩි නාමයෝජනා සංඛ්‍යාවක් ලැබුණහොත් ඊට පසුව පොදු කාරක සභාව රැස්වී නව නායකත්වය තීරණය කිරීමටත් පසුගිය දා රැස්වු මධ්‍යම කාරක සභාවේ දී තීරණය වී ඇති බවද වාර්තා වේ. මීට පෙර කිසිදු අවස්ථාවක පක්ෂයේ නායකයා තෝරා ගැනීමට ඡන්දයක් නොපැවතුන අතර පක්ෂය විසින් ඒකමතිකව තෝරා ගැණුන පුද්ගලයා නායකයා ලෙස තෝරාපත්කර ගනු ලැබ ඇත.

නමුත් මෙවර එය වෙනස් වනු ඇති බවත් , ඉදිරි මැතිවරණවලදී සුළු පක්ෂවල සහාය යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට මෙන්ම ජනාධිපතිවරණ ජයග්‍රහණයට දෙමළ පක්ෂවල හැසිරීමද ප්‍රධාන සාධකයක් වනු ති බව බොහෝ දේශපාලන විචාරකයිනේ මතය වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...