*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ජාතික ක්‍රීඩා සභාවේ මුල් පුටුව මයියා ට – ජාතිත තේරුම් කමිටුවටත් අවස්ථාවක්

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් නව ජාතික තේරිම් කමිටුවක් සහ ජාතික තේරීම් කමිටුවක් නම් කර ඇත.එයද යම් අතාරයකට නම් කිහිපයක් වෙනස් කර අලුත් නම් යෙදීමක් පමණක් වන අතර මෙම පත්වීම් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නොවි පාර්ලිමේන්තුවෙන් සිදුවන පත් කිරීමක් වෙනම් ලංකාවේ ක්‍රිකට් හැර වෙනත් ක්‍රීඩාවන් තිබෙන බව හෝ නිතර නිතර පාර්ලිමේන්තුවේ සාකච්ඡා වනු සැක නැත.

මයියා ගුණසේකර දක්ෂ පරිපාලකයෙක්ද යන කාරණය ගැන සඳහන් කිරිමට මෙය අවස්ථාව නොවන අතර ඔහු රගර් අතුරු කමිටුවකට පත් කළ අවස්ථාවේදී නම් ලැබුණේ අසාර්ථක කළමණාකාර ප්‍රතිපලයක් ලෙස රගර් ගිණුමේ විශාල ණය කන්දකි.නමුත් ඔහු අවසාන මොහොතේදී ශ්‍රී ලංකා රගර් කණ්ඩායම ආසියානු තරගාවලියට යවන්නට ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙක්ව සිට අගය කළ යුතු සුවිශාල ප්‍රශස්ත උත්සාහයක් ගත් බව අපි දුටුවෙමු.

නමුත් ජාතික ක්‍රීඩා සභාවේ සහ ජාතික තේරීම් කමිටුවේ යන දෙකේම සාමාජිකත්වය යන්නනම් සදාචාර තේරීමක් හෝ සදාචාර පත්කිරීමක් හැටියට ගැනිමට අපහසුය.යහපත් ප්‍රතිපල බලාපොරොත්තු විය හැකි චරිත අතරට හිටපු අමාත්‍යවරයාව නොමඟ යවමින් තමන් නියෝජනය කළ ක්‍රීඩාවෙන් පෙරළා තමන්ට නොලැබෙන සැළකීම් සම්බන්ධයෙක් ඇරියස් ආවරණය කරන්නට මෙවැනි තනතුරු යොදා ගන්නන් ද සිටින බැවින් අමාත්‍යවරයා මෙහිදී අවවාද සහ උපදෙස් ලබා ගැනීම පරිස්සමට කිරීමත්,පෞද්ගලිකව හමු වී කරුණු දක්වන්න උත්සාහ කරන අය ප්‍රසිද්ධියේ යමක් කීමට අපොහොසත් සැඟවුණ හේතු ඇති පිරිස් ලෙස තෝරා වෙන් කර ගැනීමත් ඉදිරියට වැදගත් වනු ඇත.

මේ තෝරා ගැනීම්වලදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ද රොෂාන් රණසිංහ අමාත්‍යවරයා කළ අයුරෙන්ම දැනට ක්‍රීඩා විෂය පවතින විශ්ව විද්‍යාල මට්ටමේ අංශ ප්‍රධානීන් හෝ එක් කර ගැනිම නොසළකා හැර ඇක.ඔවුන් ද මේ අවස්ථාවට එක් කර ගැනීමට උත්සාහ කළානම් යහපත්ය.දැණුම යාවත්කාලීන විමේ ආසන්නම අත්දැකිම එන්නේ එතැනින් වන අතර ක්‍රීඩා කිරීම පමණක්ම සුදුසුකම සේ සැළකීමට වඩා එය ක්‍රීඩාවේ උන්නතියට වැදගත් වනු ඇත.

ක්‍රීඩ පණත සංශෝධනය වන තෙක් ඇතැම් ක්‍රියා මාර්ග ගැනීම යම් ආකාරයකින් දුෂ්කර කටයුත්තක් විය හැකි බව අපි විශ්වාස කරන්නෙමු.එවැනි පළමු මොහොත උදාවන තැනදීම අමාත්‍යවරයා ජාතික ක්‍රීඩා සභාව තමාගේ කැමත්තට අනුව තෝරා නොගෙන එය පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ගෙන් හො පාර්ලිමේන්තු කමිටුවක යොජනාවලින් ක්‍රීඩා විශය උගන්වන අංශ ප්‍රධානීන් ද ඇතුළත් වන ක්‍රීඩා පරිපාලනයේ මෙන්ම ක්‍රීඩාවේ ප්‍රායෝගික දැණුම ඇති අයගෙන් මුහු කර තැනීමේ සංකල්පයක් ගැන සිතීම වැදගත් බව අපි විශ්වාස කරන්නෙමු.

එහෙත් යහපත් පරිපාලකයන්,නිර්දෝශී පුද්ගලයන් ලෙස කීර්තය දිනා ගත් චරිත කිහිපයක්ම මේ තනතුරු සදහා එකඟ කර ගැනීමට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා දක්වා තිබෙන සමත්කම යහපත් බලාපොරොත්තු ඇති කරන්නට සමත්කම් පෙන්වන බව ද කිව යුතුය.

පහතින් දැක්වෙන්නේ ජාතික ක්‍රීඩා සභාවේ අලුත් මුහුණුය.(අලුත්ම නොවන බෝතලය අලුත් වී පරණ අරක්කුම් මුහු වූ ගතියක් ද ඇත.)

ජාතික ක්‍රීඩා සභාව
සභාපති මයියා ගුණසේකර
ලේකම් අයි යූ වික්‍රමසූරිය
ශ්‍රියානි කුලවංශ
විශ්‍රාමික මේජර් ජෙනරාල් රාජිත අම්පෙමොහොට්ටි
මහාචාර්ය අර්ජුන ද සිල්වා
නීතිඥ පණ්ඩුක කිර්තිනන්ද
ආනා පුංචිහේවා
මලික් කාදර්
ආචාර්ය සමන්තා නානායක්කාර
හෆීස් මාර්සෝ
සිදත් වෙත්තමුණි
විශ්‍රාමික ජෙනරාල් ජගත් ජයසූරිය
අනුරාධා ඉලේපෙරුම
මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු
කමල් දේශප්‍රිය

ජාතිත තේරීම් කමිටුව
සභාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
ලේකම් අර්ජුන් ප්‍රනාන්දු
මයියා ගුණසේකර
සුරේෂ් සුබ්‍රමනියම්
නලින්ද සම්පත් ඉලංගකෝන්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan